ඉති­යෝ­පි­යාව කුණු කන්දෙන් විදු­ලි­බ­ලය නිප­ද­වයි | සිළුමිණ

ඉති­යෝ­පි­යාව කුණු කන්දෙන් විදු­ලි­බ­ලය නිප­ද­වයි

දින් දශ­ක­ය­කට ඉහ­තදී ඉති­යෝ­පි­යාව යනු සාග­ත­යෙන් කණාටු වුණු මිනි­සුන් වෙසෙන කණ­ගා­ටු­දා­යක දේශ­යකි. ඔවුන්ට බීමට පිරි­සිදු පානීය ජලය නොවීය. ප්‍රමා­ණ­වත් ආහාර නොවීය. දහස් ගණන් ජන­තාව ආහාර පම­ණක්ම පත­මින් අස­ල්වැසි රට­ව­ලට දේශ­සීමා තර­ණය කර­මින් ගමන් කර­න්නට වූයෙන් අස­ල්වා­සී­න්ටද ඉති­යෝ­පි­යාව හිරි­හැ­ර­යක්ම විය. අඳුරු අප්‍රිකා මහා­ද්වී­පයේ ශෝක­බ­රිත රට­වල් අතර ඉති­යෝ­පි­යා­වද ඉදි­රි­යෙන්ම විය.

එතැන් සිට වසර කිහි­ප­යක් ගෙවී ගියේය. ඉති­යෝ­පි­යා­වට ආද­රය කරන මිනි­සුන් එරට පාල­න­යට එක්වූහ. දැන් ඉති­යෝ­පි­යාව තව­දු­ර­ටත් සාග­ත­යෙන් පීඩිත දේශය නොවේ. ඒ වෙනු­වට ඉති­යෝ­පි­යාව යුරෝපා රට­ව­ල­ටද අභි­යෝ­ග­ය­ක්වන තර­මට ශක්ති­මත්ව ඉදි­රි­යට එමින් සිටි­න්නේය. පසු­ගි­යදා ඉති­යෝ­පි­යාව එරට ප්‍රථම කසළ බල­ශක්ති බලා­ගා­රය විවෘත කිරී­මට සමත් විය.

මේ වන විට ලොව හොඳම බල­ශක්ති උත්පා­දන මූලා­ශ්‍රය ලෙස සැල­කෙන්නේ කස­ළය. ඊට හේතු කිහි­ප­යකි. කසළ කළ­ම­නා­ක­ර­ණය බොහෝ රට­ව­ලට ගැට­ලු­වක්ව ඇති අතර කසළ කඳු අම­තර පාරි­ස­රික ගැටලු රාශි­යක්ද ඇති කර­මින් සිටී. බල­ශක්ති උත්පා­ද­න­යට යොදා ගන්නා බොහෝ මූලාශ්‍ර මගින් සිදු­වන පාරි­ස­රික හානිය අති­ම­හත්ය. ඒ අත­රින් බහු­ත­රය ගෝලීය උෂ්ණ­ත්වය ඉහළ දැමී­මට සමත්ය. එහෙත් කසළ මේ සිය­ල්ලට පිළි­තුරු සැප­යී­මට සමත්ය.

ඉති­යෝ­පි­යාව යනු වසර ගණ­නා­වක් තිස්සේ කසළ හේතු­වෙන් ගැටලු රැස­කට මුහුණ දුන් රටකි. එරට වසර පන­හක් තිස්සේ රට­පුරා, විශේ­ෂ­යෙන්ම නාග­රික ප්‍රදේශ ආශ්‍රි­තව එකතු වන කසළ බැහැර කර ඇත්තේ අඩිස් අබාබා අග­නු­වර කසළ ගොඩ­ක­ටය. මේ කසළ ගොඩ කඳු ගැසී කොත­රම් විශා­ලව වර්ධ­නය වී ඇත්තේද යත් එය පාපන්දු පිටි 36ක් තරම් විශාල බව තහ­වුරු වී තිබේ. මේ හේතු­වෙන් ඉති­යෝ­පි­යාව මුහුණ දී ඇති ප්‍රශ්නද එත­රම්ම විශා­ලය. ඒ සඳහා හොඳම උදා­හ­ර­ණය 2017 වස­රේදී මේ කසළ කන්ද ආශ්‍රි­තව සිදුවූ මරණ 114යි. එම වසරේ මාර්තු මස 12 වැනි දින හදි­සියේ මේ මහා කුණු කන්දෙන් අති විශාල ප්‍රදේ­ශ­යක් නාය යෑම­කට ගොදුරු විය. එහි අතුරු ප්‍රති­ඵ­ලය වූයේ කසළ කන්දට පහ­ළින් වූ නිවා­ස­වල ජිවත් වු මිනි­සුන් 114කට ජීවිත අහිමි වීමය. මේ සිදු­වීම කසළ කන්ද සම්බ­න්ධව අලු­තෙන් සිතී­මට ඉති­යෝ­පි­යානු බල­ධා­රීන් පෙළ­ඹ­වීය. එමෙන්ම එලෙස සිතා වැඩ­කි­රී­මට සම­ත්කම් සහිත නාය­ක­යන් පිරි­සක් ඒ වන විට ඉති­යෝ­පි­යාව සතු විය.

කසළ බල­ශ­ක්තිය බවට පත් කරන යුරෝපා රට­වල් කිහි­ප­යක්ම වේ. ඉති­යෝ­පි­යාව ඔවුන්ගේ තාක්ෂණ සහාය ලබා ගත් අතර ඒ සඳහා ඔවුන්ට මූල­ධ­නය සහ උප­දෙස් සැප­යී­මට සිංග­ප්පූ­රුවේ කේම්බ්‍රිජ් ඉන්ඩ­ස්ට්‍රීස් සමා­ගම, චීන ජාතික ඉලෙ­ක්ට්‍රික් ඉංජි­නේරු සමා­ගම සහ ඩෙන්මාර්ක ඉංජි­නේරු සමා­ගම ඉදි­රි­පත් වී තිබේ. ඒ අනුව කසළ කන්ද ආශ්‍රි­තව බල­ශක්ති උත්පා­දන යන්ත්‍රා­ගා­රය ස්ථාපිත කර තිබේ.

මේ යන්ත්‍රා­ගා­ර­යේදී ප්‍රථ­ම­යෙන්ම සිදු­වන්නේ කසළ දහ­නය කිරී­මය. එම දහ­නය මගින් උත්පා­ද­නය වන තාපය ජලය රත් කිරී­මට යොදා ගැනේ. එම රත්වන ජල­යෙන් උත්පා­ද­නය වන හුමා­ලය බල­ශක්ති උත්පා­දන ටර්බ­යි­න­යක් කර­කැ­වී­මට යොදා ගන්නා අතර එම ටර්බ­යි­නය මගින් විදුලි බලය උත්පා­ද­නය කෙරේ. මේ සඳහා දින­කට වැය වන කසළ ප්‍රමා­ණය ටොන් 1400ක් ලෙස ගණන් බලා තිබේ. එමෙන්ම මේ බලා­ගා­රය මගින් සමස්ත ඉති­යෝ­පි­යානු ජන­ග­හ­ණයේ විදුලි අව­ශ්‍ය­තා­වෙන් සිය­යට 30ක් සම්පූර්ණ කිරී­මට සමත්ය. එප­ම­ණක්ද නොව වස­ර­කට එක­තු­වන කසළ ප්‍රමා­ණ­යෙන් සිය­යට 80ක් මෙම­ගින් උප­රිම ප්‍රයෝ­ජ­න­වත් ලෙස යොදා ගැනී­ම­ටද හැකි­වන බැවින් කසළ කළ­ම­නා­ක­ර­ණයේ සහ බැහැර කිරීමේ ගැට­ලු­ව­ල­ටද ඉති­යෝ­පි­යාව මේ සමග විස­ඳුම් සොයා­ගෙන තිබේ. කසළ බල­ශ­ක්තිය යනු දැනට පෘථි­විය මුහුණ පාමින් තිබෙන ගැටලු රැස­කට පිළි­තු­රකි. කසළ බල­ශ­ක්ති­යට යෙද­වීම මගින් අක්‍ර­ම­වත්ව බැහැර කරන කසළ හේතු­වෙන් අභ්‍ය­න්තර ජල ධාරා­වන් දක්වා වන ජල දූශ­ණ­යද වළ­ක්වා­ගත හැකිය. සාග­ර­යට කසළ බැහැර කිරී­මෙන් සිදු­වන විනා­ශ­යද වළක්වා ගත හැකිය. ඒ අනුව ඉති­යෝ­පි­යාව මේ ආරම්භ කර ඇත්තේ ලොව සියලු රට­වල් විසින් අනු­ග­ම­නය කළ යුතු ඉතා යහ­පත් බල­ශක්ති උත්පා­දන වැඩ­පි­ළි­වෙ­ලකි. දැනට මේ බල­ශක්ති ක්‍රම­වේ­දය යුරෝපා රට­වල් කිහි­ප­යක් විසින් යොදා ගනි­මින් තිබේ. ප්‍රංසය ඒ අත­රින් ඉදි­රි­යෙන් සිටින අතර ප්‍රංසය පුරා දැනට පිහි­ටුවා ඇති කසළ බල­ශක්ති උත්පා­දන බලා­ගාර සංඛ්‍යාව 126කි. ජර්ම­නි­යද බලා­ගාර 121ක් මේ වන විට ඉදි­කර තිබේ.

ගැටලු රැස­කින් බොහෝ කලක් පීඩා විඳි රටක් ලෙස ඉති­යෝ­පි­යාව මේ වන විට අත්ක­ර­ගෙන ඇති ජය­ග්‍ර­හණ රාශි­යකි. එය මිනි­සුන් ලෙස අප සැමගේ ඇග­යී­මට ලක් විය යුතු­වන්නේ ඔවුන් බොහෝ දුක් විඳි ජන­තා­වක් බැවිනි.

ඉති­යෝ­පි­යාවේ අනා­ග­තය කසළ කළ­ම­නා­ක­ර­ණය ඔස්සේ පම­ණක් නොව දේශ­පා­ලන සහ ආර්ථීක ස්ථාව­ර­තාව ඔස්සේද වඩා ප්‍රග­ති­යක් අත් කර­ගෙන ඇති බව පැහැ­දි­ලිය. ඒ සම්බ­න්ධ­යෙන් ඉති­යෝ­පි­යාවේ වර්ත­මාන අග­මැති අබී අහ්මඩ් ඇතුළු දේශ­යට ආද­රය කරන පාල­ක­යන්ට ප්‍රශං­සාව හිමි විය යුතු­මය.

Comments