ජනපති කොමිසමේ පෙනී සිටින්නැයි ශානිට නොතීසි | සිළුමිණ

ජනපති කොමිසමේ පෙනී සිටින්නැයි ශානිට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ඇතුළු එම දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත. 

මාර්තු මස 3 වනදා ඔවුන්ට මෙලෙස කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. 

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාරපොලිස් අධිකාරී බී.එස්. තිසේරා සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන අයට මෙලෙස නොතීසි නිකුත් කර ඇති බව සඳහන්. 

තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට අදාලව අත්අඩංගුවට ගැනීම තුළින් තමාට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව හමුවේ ඊයේ දිනයේ වයඹ නාවික කලාපය භාර ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක සාක්ෂි ලබාදුන්නේය. 

එම සාක්ෂිවලට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි නොතීසි නිකුත් කර ඇත්තේ.

 

 

Comments