
පරිගණකය ලෝකයට හඳුන්වා දීම මගින් සෑම පුද්ගලයෙකුම පරිගණක භාවිතයට සමීප කළා යෑයි අපට කිව නොහැක. ජංගම දුරකථනය ද එසේය.
එකී උපාංගයන් ද්විත්වය සම්බන්ධවම පරිශීලකයා වඩාත් වාසනාවන්තයෙකු කළ මිනිසා ලැරී ටෙස්‌ලර් වෙයි.
පරිගණකය භාවිතයට උපාධියක් අවශ්‍ය නොමැති බවත් උපාධියක් නොමැතිව පරිගණකය පහසුවෙන් භාවිත කළ හැකි බවත් කියා දුන්නේ ඔහුය.
ඒ පරිගණකය භාවිතයෙදී වඩාත් අවශ්‍යම විධානයන් වන Cut, Copy, Paste විධානයන් හඳුන්වා දෙමිනි.
පසුගිය සඳුදා ලෝකයෙන් සමුගත් වයස අවුරුදු 74 ක් වූ ලැරී ටෙස්‌ලර් ස්‌වීව් ජෝබ්ස්, බිල් ගේට්‌ස් හෝ මාර්ක් සකර්බර්ග් තරම් පරිගණක ලෝකයේ නමක් දැරූ පුද්ගලයෙකු නොවූවත් ඔහු දැක්‌වූ දායකත්වය පරිගණක සහ ජංගම දුරකථනය භාවිතය පහසු කිරීම සඳහා නූතන පරිගණකකරණයට බලපෑම් කරන දිගු මෙහෙවරක කැපී පෙනෙන සිදුවීමකි.
1945 වසරේදී නිව්යෝර්ක් නගරයේ උපත ලද ලැරී ටෙස්‌ලර් ස්‌ටැන්µර්ඩ් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව හැදැරීමට ගිය අතර උපාධිය ලැබීමෙන් පසු ඔහු කෘත්‍රිම බුද්ධි පර්යේෂණයන්හි නිරත විය.
(පරිගණකය ගැඹුරින් හැදැරිය යුතු මෙවලමක් බවට පත්වීමට බොහෝ කලකට පෙර) ඉන්පසුව යුද විරෝධී හා ආයතනික ඒකාධිකාරී විරෝධී සංවිධානයක් හා සම්බන්ධ වූ ඔහුට හිමි ඉලක්‌කයක් ලෙස අයිබීඑම් සමාගම සමග එක්‌වී කටයුතු කළේය.
1973 සිට 1980 වසර දක්‌වා ඔහු සෙරොක්‌ස් පැලෝ ඇල්ටෝ පර්යේෂණ පැවැත්වීමට සහය විය.