නේපාල සිසුන්ට යෝග අභ්‍යාස අනි­වාර්ය කෙරේ | Page 2 | සිළුමිණ

නේපාල සිසුන්ට යෝග අභ්‍යාස අනි­වාර්ය කෙරේ

ම රටේ ජන­තාව සෞඛ්‍ය සම්ප­න්නව තැබීම අර­මුණු කර ගනි­මින් නේපා­ලය අලුත්ම නීති­යක් පනවා තිබේ. එනම් සෑම පාස­ල­කම යෝග අභ්‍යාස සඳහා කාල­යක් වෙන් කිරීම අනි­වාර්ය කිරී­මයි. නේපාල අධ්‍යා­පන අමා­ත්‍යං­ශය සහ විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යං­ශය එක්ව පාසල් අධ්‍යා­ප­න­යට යෝග එක් කිරීමේ වැඩ­පි­ළි­වෙල සකස් කර තිබේ.

එමෙන්ම යෝග විෂය ඉංග්‍රීසි සහ ගණි­තය වැනි පාසල් විෂ­යන් මෙන් අනි­වාර්ය විෂ­යක් ලෙසින්ද ප්‍රකාශ කර තිබේ. යෝග විෂය සඳහා සිසුන්ට ලකුණු දීම­ටද නිය­මි­තය. යෝග විෂය සඳහා ගුරු­ව­රුන් බඳවා ගැනීම කෙරෙ­හිද නේපාල අධ්‍යා­පන බල­ධා­රීන් අව­ධා­නය යොමු කර ඇති අතර ඉදි­රි­යේදී යෝග විෂය විශේෂ කොට අධ්‍යා­ප­නය ලැබී­මට සිසුන් පෙළ­ඹ­වී­මට සහ අව­ස්ථාව ලබා දීම­ටද යෝග විෂ­යට අදා­ළව ඩිප්ලෝ­මා­වක් දක්වා ඉහ­ළට අධ්‍යා­ප­නය ලැබීමේ අව­ස්ථාව සලසා දී එම­ගින් රැකියා අවස්ථා බිහි කිරීම දක්වාද නේපාල අධ්‍යා­පන බල­ධා­රීන් අව­ධා­නය යොමු කර තිබේ.

උසස් අධ්‍යා­ප­න­යේදී යෝග, ආයු­ර්වේද හෝ ස්වභා­වික ඖෂධ යන ක්ෂේත්‍ර අත­රින් තමන් කැමති ක්ෂේත්‍රය තෝරා ගැනීමේ අව­ස්ථාව සිසුන්ට හිමි වේ. මේ අංශ කෙරෙහි පෙර­දිග මෙන්ම බට­හි­රද වඩා වැඩි අව­ධා­න­යක් යොමු වෙමින් පවතී. සංචා­රක ක්ෂේත්‍රය ගත් කළ මෙවැනි විෂ­යන් කෙරෙහි විධි­මත් අධ්‍යා­ප­නය ලැබූ­වන්ගේ රැකියා අවස්ථා රැසක් පව­තින බව නේපාල අධ්‍යා­පන බල­ධා­රීන්ගේ මත­යයි.

යෝග අධ්‍යා­පන අනි­වාර්ය කිරීම මගින් නිරෝගී, සෞඛ්‍ය සම්පන්න ජන­තා­වක් බිහි කිරීම පම­ණක් නොව ඉදි­රි­යේදී රැකියා අවස්ථා උත්පා­ද­නය, විදේශ විනි­මය ඉප­යීම ඇතුළු අර­මුණු රැසක් සාර්ථ­කව ක්‍රියා­වට නැංවිය හැකි බව දුර දිග දක්නා නුව­ණින් යුක්ත නේපාල අධ්‍යා­පන බල­ධා­රීන් පෙන්වා දී තිබේ.

Comments