
ප්‍රංශයේ ගේල් මොන්ෆිල්ස් මෙවර රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.
රොටර්ඩම් විවෘත ටෙනිස් තරගාවලිය නෙදර්ලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වේ.
එහි අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී ගේල් මොන්ෆිල්ස් සමග තරග කළේ බ්‍රිතාන්‍ය ක්‍රීඩක ඩෑන් එවන්ස් ය.
වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශණය කළ මොන්ෆිල්ස් වට 2 ට 0 ක් ලෙස තරගයේ ජය තහවුරු කර ගත්තේය.
අවසන් ලකුණු සටහන 7 ට 6 ක් සහ 6 ට 2 කි.
ගේල් මොන්ෆිල්ස් පසුගිය වසරේ මෙම තරගාවලියේ කේවල ශූරතාව දිනා ගත් ක්‍රීඩකයායි.
