කොරෝනා නිසා දුක්වි­ඳින දිය­මන්ති කුමාරි | Page 2 | සිළුමිණ

කොරෝනා නිසා දුක්වි­ඳින දිය­මන්ති කුමාරි

ව කොරෝනා වයි­ර­සය සමග චීනය අති සාර්ථක ලෙස සටන් කර­මින් සිටි­යදී වයි­ර­සය හේතු­වෙන් අද­හා­ගත නොහැකි ඉර­ණ­ම­කට මුහුණ දෙමින් සිටින පිරි­සක් ගැන ජපා­න­යෙන් වාර්තා වේ. ඒ දැනට යොකො­හමා වරායේ නැංගු­රම් ලා ඇති ඩය­මන්ඩ් ප්‍රින්සස් නෞකාවේ මගීන් සහ කාර්ය මණ්ඩ­ල­යයි. ඩය­මන්ඩ් ප්‍රින්සස් යනු ලෝකයේ විය­දම් අධි­ක­තම නෞකා සංචා­රය ලබා දෙන අධි සුඛෝ­ප­භෝගී කෘෘස් වර්ගයේ නෟකා­වකි. බ්‍රිතාන්‍ය ප්‍රින්සස් නෞකා සමා­ග­මට අයත් එම නෞකාව නව කොරෝනා වයි­ර­සය ගැන ආර­ම්භක පුවත් චීන­යෙන් වාර්තා වන විට මගීන් සහ කාර්ය මණ්ඩ­ලය 3700ක් සමග දක්ෂිණ අර්ධ­ගෝ­ලයේ සංචා­ර­යක නිරත වෙමින් සිටි­යාය.

දැනට සැක කරන පරිදි නෞකා­වට කොරෝනා බෝ කළ රෝගියා සිංග­ප්පූරු ජාති­ක­යෙකි. ප්‍රථම වරට මගීන් අත­රින් රෝග ලක්ෂණ විද්‍ය­මාන වන විට නෞකාව ජපා­න­යෙන් පිටත්ව ගමන් අර­ඹ­මින් තිබිණි. වහාම නෞකාව යළි යොකො­හමා වරාය වෙත යාත්‍රා කරවූ අතර එතැන් සිට මේ දක්වා නෞකාව කොරෝනා භීති­යෙන් යුක්තව වරායේ නිරෝ­ධා­ය­න­යට ලක් වෙමින් තිබේ.

මේ වන විට චීනය හැරුණු විට වැඩිම රෝගීන් සංඛ්‍යා­වක් වාර්තා වන්නේ ඩය­මන්ඩ් ප්‍රින්සස් නැවෙනි. මේ ලියන මොහොත වන විට රෝගීන් 149ක් වාර්තා වී ඇති අතර රෝගය තව­දු­ර­ටත් මගීන් අතර පැතිර යමින් තිබේ. ඩොලර් දහස් ගණ­නින් ගෙවා සුන්දර සංචා­ර­යක් අත්වි­ඳීමේ බලා­පො­රො­ත්තුව සහි­තව නැවට ගොඩවූ ලොව පුරා රට­වල් රැසක මගීන් මේ වන විට දරුණු බලා­පො­රොත්තු කඩ­වී­මට අම­ත­රව ජීවි­තය පිළි­බඳ අවි­නි­ශ්චිත බව­ක­ටද මුහුණ දෙමින් සිටිති.

කෘෘස් නෞකා­වල සංචා­ර­යන් සඳහා ලොව පුරා බිලි­ය­න­ප­ති­යන් මෙන්ම විය­පත්ව විශ්‍රාම ජීවිත ගෙවන අයද වැඩි වශ­යෙන් එක්වෙති. එවැනි පුද්ග­ල­යන් තම ජීවිත කාලය පුරා එක්රැස් කළ මුදල් යොදවා මෙවැනි අත්දැ­කී­මක් ලබා ගනිති. වයි­ර­සය දරුණු ලෙස පැතිර යන නෞකා­වේද මෙවැනි විය­පත් පුද්ග­ල­යන් සිටින බවට වාර්තා වේ. නිව්මෝ­නි­යාව හේතු­වෙන් ප්‍රති­ශ­ක්තිය අඩු­වී­මෙන් මර­ණය සිදු­වන නව කොරෝනා වයි­ර­සය දරුණු ලෙස පැතිර යන අව­ස්ථා­වක අංක එකට තර්ජිත කණ්ඩා­යම් අත­රට මෙවැනි විය­පත් පුද්ග­ල­යන්ද ඇතු­ළත් වේ. එබැ­වින් මේ වන විට ඔවුන් නැව තුළට වී කෙසේ හෝ රෝගය වැළ­ඳී­මෙන් වැල­කී­මට උත්සාහ දර­මින් සිටිති.

මේ අතර ප්‍රින්සස් නෞකා සමා­ගම මේ නෟකාවේ සිය­ලුම මගීන්ට ඔවුන් ගෙවූ මුදල් යළි ලබා දෙන බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවද අලු­තෙන්ම ලැබෙන තොර­තුරු අනුව මේ වන විට නෞකාවේ කාර්ය මණ්ඩ­ලය දැඩි මාන­සික පීඩ­න­ය­කට ලක්ව සිටින බව වාර්තා වේ. මගීන් තම­ත­මන්ගේ කාමර ඇතු­ළත නිරෝ­ධා­න­යට ලක්ව සිටි­යද කාර්ය මණ්ඩ­ල­යට සිදුව ඇත්තේ ඔවුන් සඳහා අඛ­ණ්ඩව පහ­සු­කම් සැප­යී­ම­ටය. එහිදී ඔවුන්ට ආර­ක්ෂාව සඳහා හුදෙක් මුඛ ආව­රණ පම­ණක් පැළඳ, සාමාන්‍ය නිල ඇඳු­මෙන් සැරසී සේවය කිරී­මට සිදුව තිබේ. ඇතැම් සේව­ක­යන් මේ වන විට මූලික රෝග ලක්ෂණ පෙන්නුම් කර­මින් සිටින බවත් ඔවුන් සමග කාමර බෙදා ගන්නා සෙසු සේව­ක­යන් ඒ හේතු­වෙන් වඩාත් අප­හ­සු­තා­ව­යට පත්ව සිටින බවත් මාධ්‍ය වෙත වාර්තා වී තිබේ. කොටින්ම කිව­හොත් මේ වන විට ඩය­මන්ඩ් ප්‍රින්සස් නෞකාව පව­තින්නේ ඉතා බර­ප­තල තත්ත්ව­ය­කය.

ප්‍රථ­ම­යෙන් රෝගීන් හමුවූ අව­ස්ථා­වේදී දින 14ක ප්‍රකා­ශ­යට පත් කළ නිරෝ­ධා­යන කාලය පෙබ­ර­වාරි 19වැනි­දා­යින් අව­සන් වීමට නිය­මිත වුවද දිගින් දිග­ටම නෞකා­වෙන් රෝගීන් වාර්තා වීම හේතු­වෙන් එය තව­දු­ර­ටත් පවත්වා ගැනී­මට සිදු­වනු ඇති බව ප්‍රකා­ශි­තය. කෙසේ වුවද නෞකාවේ සේවක මණ්ඩ­ලය අන්ත­ර්ජා­ලය ඔස්සේ තම ඥාතීන් අම­ත­මින් තමන් පත්ව සිටින බිහි­සුණු වාතා­ව­ර­ණය ගැන දැනුම් දෙමින් සිටිති.

ජපාන සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා මාධ්‍ය අම­ත­මින් පවසා ඇත්තේ සැමට එක සමා­නව ප්‍රති­කාර ලබා දීමට තමන් උත්සාහ දරන බවයි. කෙසේ වුවද තව­මත් ඩය­මන්ඩ් ප්‍රින්සස් භීතියේ නෞකාව ලෙස ජපාන මුහුදේ හුද­ක­ලාව සිටි­න්නීය. මේ අතර නව කොරෝනා වයි­ර­ස­යට කෝවිඩ් 19 යන නම ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවි­ධා­නය කට­යුතු කර තිබේ. එය මේ වන විටත් චීනය ප්‍රධාන රට­වල් 25කට පැතිර තිබේ. චීනයේ මේ වන විට දින­කට වාර්තා වන රෝගීන්ගේ කිසි­යම් අඩු­වී­මක් දක්නට ලැබෙන බව ප්‍රකා­ශි­තය. දැනට සම්පූර්ණ මරණ 1100 ඉක්මවා වාර්තා වී ඇති අතර එයට චීන­යෙන් බැහැර මරණ දෙකක්ද අයත්ය. සිංග­ප්පූ­රුවද දිගින් දිග­ටම රෝගීන් වාර්තා විම හේතුවෙන් පසු­ගි­යදා අන­තුරු ඇඟ­වීම් වර්ණය කහ පැහැයේ සිට තැඹිලි පැහැය දක්වා වෙනස් කළ අතර ඒ සැනෙන් එරට වෙළෙ­ඳ­සැ­ල්වල බොහෝ ආහාර ද්‍රව්‍ය විකිණී අව­සන් වූ බවද වාර්තා වේ. යම් හෙය­කින් සිංග­ප්පූ­රුවේ රෝගය පැති­රීම පාල­නය නොවන්නේ නම් මැලේ­සි­යාව ඔවුන්ගේ දේශ­සීමා වසා දමනු ඇතැයි බියක්ද පැතිර ගොස් තිබේ. එසේ වුව­හොත් සිංග­ප්පූ­රු­වට ආහාර ද්‍රව්‍ය­වල හිඟ­යක් මතු­වනු ඇතැයි සැක මතු වී තිබේ.

මේ අතර බ්‍රිතා­න්‍ය­යෙන්ද දිගින් දිග­ටම රෝගීන් වාර්තා වෙමින් තිබේ. එරට දැනට පව­තින කාල­ගුණ තත්ත්වය රෝගය පැති­රීමට හේතු­කා­රක වී ඇතැයි පැවසේ . කෙසේ වුවද චීන­යෙන් ලැබෙන වාර්තා අනුව ඉදිරි දින කිහි­ප­යේදී රෝගය පාල­නය කිරී­මට සම්පූර්ණ හැකි­යාව චීන­යට ලැබෙනු ඇතැයි විශ්වා­සය තැබිය හැකිය.

Comments