අභ්‍ය­ව­කාශ යානා සමා­දා­නයේ සැත­පෙන මුහුදු පත්ලේ සුසාන භූමිය | Page 2 | සිළුමිණ

අභ්‍ය­ව­කාශ යානා සමා­දා­නයේ සැත­පෙන මුහුදු පත්ලේ සුසාන භූමිය

පෘථි­විය වටා විසිර පවත්නා කෘත්‍රිම අභ්‍ය­ව­කාශ වස්තු
පෘථි­විය වටා විසිර පවත්නා කෘත්‍රිම අභ්‍ය­ව­කාශ වස්තු

හොල්ම­න්ව­ලට චිර ප්‍රසිද්ධ සුසාන භූමි ගැන, ඇත් සොහොන වැනි මිත්‍යා කතා ගැන අසා තිබු­ණාට අභ්‍යා­ව­කා­ශයේ ඇති අබ­ලන් යානා ගෙන­වුත් මිහි­මත භූම­දාන කරන මුහුදු පත්ලේ ඇති සුසා­න­භූ­මිය ගැන ඔබ අසා නැති­වාට සැක නැත. මේ අරුම පුදුම සොහොන් බිම පිහිටා ඇත්තේ මිනිස් ජනා­වා­ස­යක් කිලෝ­මී­ටර් ගණ­න­කට කිට්ටු­වෙන් හෝ පිහිටා නොමැති පෘථිවි ගෝලයේ ඉතාම හුද­කලා කෙළ­ව­ර­කය. හරි­ය­ටම කියන්නේ නම් ඒ පෘථිවි ගෝලයේ දකුණු කෙළ­වරේ කේන්ද්‍ර­යේය. මේ ප්‍රදේ­ශය අයත් වන්නේ දකුණු ෆැසි­පික් සාග­ර­ය­ටය. මෙයට ආස­න්න­තම මිනිස් ජනා­වා­සය වන්නේ නව­සී­ල­න්ත­යයි. නව­සී­ල­න්තයේ නැගෙ­න­හිර වෙරළේ සිට කිලේ­මී­ටර් 3300ක පමණ දුර­කින් මේ අභ්‍ය­ව­කාශ යානා සොහොන් බිම පිහිටා තිබේ.

පෘථි­වි­යට ඇද වැටෙන යාන­යක් වායු­ගෝ­ලයේ ගැටෙන අව­ස්ථාව
මුහුදු පත්ලේ පැතිර පවත්නා අභ්‍ය­ාවකාශ යානා­වල සුන්බුන්
මීර් අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය පෘථි­වි­යට ඇද වැටෙ­මින්

මිනිසා තාක්ෂ­ණ­යෙන් දියු­ණු­වත්ම අප­ටද නොදැ­නීම සිදුවී ඇති බර­ප­ත­ලම විනා­ශය වන්නේ පෘථි­විය කුණු ගොඩක් බවට පත් වීමයි. මේ වන විට පෘථි­විය පම­ණක් නොව පෘථි­විය වටා අභ්‍ය­ව­කා­ශ­යද කුණු ගොඩක් බවට පත්වී අව­සන්ය. මිනිසා විසින් නිප­ද­වන ලද අභ්‍ය­ව­කාශ යානා පම­ණක් නොව අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නද සිය ගණ­නක් මේ වන විටත් පෘථි­විය වටා කක්ෂ­වල ගමන් කර­මින් තිබේ. මේ යානා සහ මධ්‍ය­ස්ථා­න­වල ආයු කාලය අව­සන් වූ විට මේ යානා පෘථි­විය මතට කඩා වැටී මහත් ව්‍යස­න­යන් සිදු­වීමේ ඉඩ­කඩ පවතී. එප­ම­ණක්ද නොව මේ යානා සහ මධ්‍ය­ස්ථාන නිසි පරිදි බැහැර කිරීමේ අභි­යෝ­ග­ය­ටද මුහුණ දීමට විද්‍යා­ඥ­යන්ට සිදුව තිබේ. දක්ෂිණ අර්ධ ගෝලයේ මධ්‍ය ලක්ෂ්‍ය ඔවුන් තෝරා ගන්නේ මේ අභි­යෝ­ග­යට විස­ඳු­මක් වශ­යෙනි.

එහිදී ඔවුන් ප්‍රථ­ම­යෙන්ම ආයු කාලය අව­සන් වූ යානාව හෝ අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­නය පිහිටා ඇති ස්ථානය අනුව තීර­ණ­ය­කට එළඹේ. එය පිහිටා ඇත්තේ පෘථි­වියේ සිට සැල­කිය යුතු දුරින් නම් ඔවුන් එය ඈත අභ්‍ය­ව­කා­ශ­යට තල්ලු කර දැමී­මට කට­යුතු කරති. එවිට එය පෘථි­වි­යට කඩා වැටීමේ අන­තු­රින් මිදිය හැකිය. එහෙත් පෘථි­වි­යට සමී­පයේ ගමන් කරන අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යක් හෝ යානා­වක ආයු කාලය අව­සන් වූ විට එය ඈත අභ්‍ය­ව­කා­ශ­යට තල්ලු කර දැමීම විය­දම් අධික ක්‍රියා­වකි. එවිට විද්‍යා­ඥ­යන් ඒ වෙනු­වට දකුණු ෆැසි­පික් මුහුදේ සුසාන භූමිය තෝරා ගනිති. එහි පතිත කළ යුතු යානය අභ්‍ය­ව­කා­ශයේ අදාළ ඉල­ක්ක­යට ගෙන එන ඔවුන් එය පෘථී­වි­යට කිලෝ­මී­ටර් සිය­යක් පමණ ඉහළ සිට පෘථි­වි­යට කඩා වැටෙ­න්නට සල­ස්වති. ඒ සඳහා හොඳම උදා­හ­ර­ණය වන්නේ 2001 මාර්තු 23වැනි දින දකුණු ෆැසි­පික් සුසාන භූමිට ඇද වැටෙ­න්නට සැලැස්වූ රුසි­යානු මීර් අභ්‍ය­ව­කාශ මධ්‍ය­ස්ථා­න­යයි. මේ මධ්‍ය­ස්ථා­නය අභ්‍ය­ව­කා­ශ­යට මුදා හැරී­මේදී ටොන් 143ක බරින් යුක්ත විය. මීර් මධ්‍ය­ස්ථා­නය ඇද වැටී­මේදී පෘථි­වි­යට කිලෝ­මී­ටර් 90ක පමණ උස­කදී එය වායු­ගෝ­ලය හා ගැටී ගිනි ගනි­මින් කැබලි රාශි­ය­කට වෙන් වූ අතර පෘථි­විය මත පතිත වීමේදී එය ටොන් 25ක තරමේ බරින් යුක්ත විය. එම කැබලි ගිනි ගනි­මින් මුහු­දට ඇද වැටෙනු නව­සී­ලන්ත ගොඩ­බිමේ සිට මනාව දිස් වූ අතර එය සැබ­වින්ම ගිනි­කෙළි සංද­ර්ශ­න­යක් හා සමාන විය. පසුව මුහුදු පත්ල පරීක්ෂා කිරී­මේදී ඇද වැටුණු කොටස් මුහුදු පත්ල පසාරු කර­මින් බොහෝ ඇතු­ළට කිඳ බැස ගොස් ඇති අන්දම නිරී­ක්ෂ­ණය විය.

මේ දකුණු ෆැසි­පික් සාගර සුසාන භූමිය ආරම්භ කර ඇත්තේ 1971 වස­රේ­දීය. එහෙත් එය මිනි­සා­ගෙන් රහ­සක් කොට සැඟ­වීමේ අව­ශ්‍ය­තා­වක් එහි නිර්මා­තෘන්ට විය. මේ ප්‍රදේ­ශය හරහා නාවුක ගම­නා­ග­ම­න­යද අවම වීම මෙසේ රහ­සි­ගත සුසාන භූමිය පව­ත්වා­ගෙන යෑමට ඔවුන්ට පිටු­ව­හ­ලක් විය. අනික් අතට අන­තුරු අවම කර­මින් අභ්‍ය­ව­කාශ යානා මේ ස්ථාන­යට පතිත කර­වී­ම­ටද ඔවුන්ට හැකි­යාව ලැබිණි.

මේ වන විට රුසි­යානු මීර් මධ්‍ය­ස්ථානයේ කොටස්ද ඇතු­ළුව විවිධ රට­ව­ලට අයත් අභ්‍ය­ව­කාශ යානා සහ මධ්‍ය­ස්ථාන 300ක පමණ කොටස් මේ සුසාන භූමිය අවට මුහුදේ විසිරී පැතිරී තිබේ. එමෙන්ම අභ්‍ය­ව­කාශ අබලි ද්‍රව්‍ය මුහු­දට ඇද දම­මින් මිනිසා තමා­ගේම වටිනා සාගර සම්පත විනාශ කර ගනි­මින් සිටින බව­ටද චෝදනා එල්ල වී තිබේ. මේ සාගර ප්‍රදේ­ශයේ ජීවීන් අවම බව මේ චෝද­නා­ව­ලට පිළි­තුරු ලෙස පැව­සූ­වද ඇද වැටෙන මෙවැනි යානාවල තෙල්වර්ග සහ ලෝහ­ව­ලින් නිකුත් වන රසා­ය­නික ද්‍රව්‍ය නිසැ­ක­යෙන්ම මුහුදු පත්ලට හානි ගෙන දීමට සමත් වනු ඇත.

ඉදි­රි­යේදී විද්‍යා­ඥ­යන් මේ සම්බ­න්ධ­වද අව­ධා­නය යොමු කර­මින් මුහුදු පත්ලේ අභ්‍ය­ව­කාශ යානා සුසාන භූමි­යට වෙනත් විස­ඳු­මක් ගෙන එන්නේ නම් එය වඩාත් යහ­පත් වනු ඇත.

පොයින්ට් නීමෝ පිහිටා ඇති ස්ථානය
පෘථි­වි­යට ඇද වැටෙන යාන­යක් සාග­ර­යට පතිත වන අව­ස්ථාව

 

Comments