යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක තුරු මිතුරු - නව රටක් ව්‍යාපෘතියට සමගාමීව මුලතිවු ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ මගපෙන්වීම හා 59 සේනාංකාධිපතිවරයාගේ පූර්ණ අධීකෂ්ණය යටතේ 591 බළසේනාව විසින් සංවිධානය කරනු ලැබූ වෙරළ සංරක්ෂණ රුක් රෝපණ ව්‍යාපෘතිය අද (2020 පෙබරවාරි මස 03) දින මුලතිවු නගරයේ වෙරළ තීරයේ අති උත්කර්ශවත් අන්දමින් සිදු කරන ලදි.
රුක් රෝපණ ව්‍යාපෘතිය මලුතිවු සිට කෝකිලායි දක්වා වූ වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන වල කිලෝමීටර් 34.5 ක ප‍්‍රමාණයක් ආවරණය වන පරිදි පැල දහසක් රෝපණය කරන ලදි.
ශ‍්‍රී ලංකාද්වීපය වටා මුහුුදු වෙරළ තීරය පිරිසදු කොට අලංකාරව පවත්වාගෙන යාමේ අභිලාශයෙන් යුද්ධ හමුදාධිපතිවරයාගේ සංකල්පය මත කාක දූපතෙන් ඇරඹි මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනේ එක් පියවරක් වශයෙන් 2019.12.29 වන දින මුලතිවු ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් මුලතිවු වෙරළ තීරයේ ශ‍්‍රමදානයක් සංවිධානය කරන ලදි.
මුලතිවු නගරය හා මුහුදු තීරය අලංකාරව පවත්වාගෙන යාම, තුරුලිය රැකීම හා ස්වභාව සෞන්දර්ය ඉහළ නැංවීමේ අරමණුින් මුලතිවු ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච් ජේ සෙනෙවිරත්න විසින් යෝජිත මෙම රුක් රෝපණ වැඩ සටහන 59 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරාගේ අධීක්ෂණය මත 591 බළසේනාධිපති කර්නල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහගේ මෙහෙයවීම තුළින් ක‍්‍රියාවට නංවන ලදි.
59 සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ඩබ්ලිව් එල් පී ඩබ්ලිව් පෙරේරා රුක් රෝපණ වැඩ සටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි අතර මුලතිවු ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් එස් රාජකරුණා, 68 සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් එම් පී ජේ රත්නායක, 591,592 හා 593 බළසේනාධිපතිවරුන් හා සියළු ඒකක අණදෙන නිළධාරීවරුන් සහභාගී වන ලදි.
මූදිල්ලා, අරලිය, කොහොඹ සහ දොඹ යන පැළ වර්ග රුක් රෝපණ වැඩ සටහන සදහා යොදා ගන්නා ලද අතර ගාල්ල දිස්ත‍්‍රීක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පුෂ්ප කුමාර විසින් ඒ සදහා ප‍්‍රධාන අනුග‍්‍රහය ලබා දෙන ලදි.
අතිරේක දිස්ත‍්‍රීක් ලේඛම් කේ කණගේෂ්වරම්, මුහුදුබඩපත්තුව ප්‍රාදේශී්‍ය ලේකම් යූූ උමාමගල්, ප‍්‍රාදේශීය සභා සභාපති ටී තවරාසා, සමෘද්ධි අධ්‍යක්ෂක කණකමූර්ති, අදාපදා කළමණාකරණ අධ්‍යක්ෂක එස් එල් කුමාර්, මුලතිවු වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂක ස්ටීෆන් සහ මධ්‍යම පරිසර අධිකාරී මුලතිවු - එස් පීතවතිරුබා ඇතුලු ප‍්‍රදේශයේ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක් නියෝජනය කරමින් මෙම රුක් රෝපණ වැඩ සටහනට සහභාගී වූ අතර ඔවුන් විසින් මෙම ව්‍යාපෘතිය ඇගයීමට හා ප‍්‍රශංසාවට ලක් කරන ලදි.
(අසංක බංඩාර සහ චතුරංග එම් ප්‍රදීප් මුලතිව් වෙරළ තීරයේ සිට)