පළ­ඟැ­ටි­යෝ කෙන්යාව ආක්‍ර­ම­ණය කරති | Page 2 | සිළුමිණ

පළ­ඟැ­ටි­යෝ කෙන්යාව ආක්‍ර­ම­ණය කරති

කෙන්යා­වට කඩා වැදුණූ මහා පළ­ඟැටි සේනා­වක් මේ වන විට එරට වගා බිම් විනාශ කර දම­මින් සිටින බව වාර්තා වේ. මීට පෙර මෙවන් ව්‍යස­න­යක් එර­ටින් වාර්තා වී ඇත්තේ මීට වසර 70කට පෙර­දීය. මේ පළ­ඟැ­ටි­යන් කාන්තාර පළ­ඟැ­ටි­යන් නම් වන විශේ­ෂ­යක් ලෙස හඳු­නා­ගෙන තිබේ. ඔවුන් වරි­න්වර ඉතා විශාල රංචු වශ­යෙන් ආහාර තිබෙන ප්‍රදේශ කර මෙලෙස සංක්‍ර­ම­ණය වන අතර ආහාර ලබා ගනි­මින් තම වර්ගයා බෝ කිරී­මද එම ප්‍රදේ­ශ­යේ­දීම ඉටු කර ගනිති. ඒ අනුව ඉදි­රි­යේදී මේ සතුන් කෙන්යාවේ වගා බිම් ආශ්‍රි­තව බිත්තර දැමී­ම­ටද නිය­මි­තය. ඒ අනුව ලබන ජූනි මස වන විට මේ සතුන් ප්‍රමා­ණය සිය­යට 500කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය කෙන්යා­වට පම­ණක් නොව අස­ල්වැසි රට­වල් රැස­ක­ටද බල­වත් ව්‍යස­න­යක් වනු ඇති බවට තොර­තුරු ලැබෙ­මින් පවතී. ඒ අනුව පළ­ඟැ­ටි­යන්ගේ වර්ධ­නය අනුව ඉදි­රි­යේදී ඔවුන් ඉති­යෝ­පි­යාව, කෙන්යාව, සෝමා­ලි­යාව පම­ණක් නොව උග­න්ඩාව සහ දකුණු සූඩා­න­ය­ටද ව්‍යප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දැනට කෙන්යාවේ ව්‍යප්තව සිටින පළ­ඟැ­ටි­යන් ප්‍රම­ාණය දින­කට ගිල­ද­මන ආහාර ප්‍රමා­ණය මිනි­සුන් 35000ක් එක් දින­කදී ගන්නා ආහාර ප්‍රමා­ණය හා සමාන වන බව එක්සත් ජාතී්න්ගේ සංවි­ධා­නය නිකුත් කර ඇති වාර්තා මගින් ප්‍රකාශ වේ.

කෙන්යාව පුරා මෙවැනි පළ­ඟැටි රංචු විශාල සංඛ්‍යා­වක් පැතිර සිටින අතර මේ එක් පළ­ඟැටි රංචු­වක සිටින පළ­ඟැ­ටි­යන් සංඛ්‍යාව මධ්‍යම ලන්ඩන් නගර ප්‍රදේ­ශය වසා දැමී­මට තරම් ප්‍රමා­ණ­වත් බව ප්‍රකාශ වී තිබේ. සංඛ්‍යා­ත්ම­කව ගත හොත් මේ එක් පළ­ඟැටි රංචු­වක වර්ග කිලෝ­මී­ට­ර­යක් තුළ පළ­ඟැ­ටි­යන් මිලි­යන 150ක් පමණ අන්ත­ර්ග­තව සිටිති. මිලි­යන බාග­යක පළ­ඟැ­ටි­යන්ගේ බර ටොන් එකක් ලෙස ගණ­නය කර තිබේ. ටොන් එකක පළ­ඟැ­ටි­යන් දින­කදී ගන්නා ආහාර ප්‍රමා­ණය අලින් 10ක්, ඔටු­වන් 25ක් සහ මිනි­සුන් 2500ක් ලබා ගන්නා ආහාර ප්‍රමා­ණය හා සමාන වේ.

මේ සතුන්ට දින­කදී විනාශ කර දැමිය හැකි අස්වනු ප්‍රමා­ණය ටොන් 200කි.

පළ­ඟැ­ටි­යන්ගේ ආක්‍ර­ම­ණ­යක් සමග තම වගා බිම් විනාශ වීමෙන් කෙන්යානු ජාති­ක­යන් මිලි­යන 25.5ක් පමණ ආහාර හිඟ­ය­කින් පසු­වන බව වාර්තා වේ. ඉති­යෝ­පි­යා­වට විශේ­ෂ­යෙන් මේ තත්ත්වය අභි­යෝ­ග­යක් වනු ඇත්තේ වසර කිහි­ප­යක සිට එරට දිගින් දිග­ටම මුහුණ දුන් ස්වභා­වික ව්‍යසන හේතු­වෙනි.

මීට අම­ත­රව තම සතුන් පළ­ඟැ­ටි­ය­න්ගෙන් ආරක්ෂා කර ගැනී­මද කෙන්යානු වැසි­යන්ට අභි­යෝ­ග­යක් වී තිබේ. බූරු­වන් වැනි සතුන් මේ පළ­ඟැ­ටි­යන්ගේ දශ්ඨ කිරී­මෙන් මර­ණ­යට පත්වන අතර ඔවුන් බේරා ගැනීම සඳහා මේ සතුන්ට ඇඳුම් ඇන්ද­වීම වැනි ක්‍රියා­මාර්ග උත්සාහ කර බැලී­මට කෙන්යානු වැසි­යන් කට­යුත කර­මින් සිටිති.

Comments