
ඕස්ට්‍රේලියාව ප්‍රථම වරට චීනයෙන් පිටත කොරෝනා වයිරසය ප්‍රතිනිර්මාණය කර තිබේ. මෙය චීනයෙන් පිටත කොරෝනා වයිරසය ප්‍රතිනිර්මාණය කළ ප්‍රථම අවස්ථාව වේ. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් විසින් විද්‍යාගාර තුළදී මේ වයිරසය ප්‍රතිනිර්මාණය කර ඇති අතර එහි දෙවැනි පියවර ලෙස වයිරසය මැඩ පැවැත්විය හැකි ක්‍රමයක් කෙරෙහි අවධානය යොමු කරන බවද ඔවුන් පවසා තිබේ.
ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන්ගේ මේ උත්සාහය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව හිමි වී තිබේ. එමෙන්ම මේ වයිරසය ප්‍රතිනිර්මාණය කිරීම මගින් එහි හැසිරීම නිශ්චිතව හඳුනා ගනිමින් එය මර්ධනය කිරීමේ ක්‍රමවේද ඉක්මනින් සොයා ගැනීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ කොරෝනා වයිරසය මැඩ පැවැත්විය හැකි බවයි.
වයිරසය ප්‍රතිනිර්මාණය කළ මෙල්බර්න් හි විද්‍යාඥයන් පවසා ඇත්තේ ඔවුන් ආසාදිත රෝගියකුගෙන් ලබා ගත් සාම්පලයක අනුක සැකැස්ම නිරීක්ෂණය කරමින් ඒ අනුව වයිරසය ප්‍රතිනිර්මාණය කළ බවයි. මීට පෙර චීන විද්‍යාඥයන්ද කොරෝනා වයිරසය ප්‍රතිනිර්මාණය කර තිබේ. ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් පවසා සිටින්නේ මේ ප්රතිනිර්මිත වෛරසය ඔස්සේ ප්රතිකාරකයද ඉක්මනින්ම සොයා ගත හැකි වනු ඇති බවයි.
මේ හැර ලෝකයේ තවත් රටවල් රැසක්ම වයිරසයට එරෙහිව විද්‍යාගාර තුළදී සටන් වැදීම අරඹා තිබේ. කිසියම් රෝග බීජයක් මෙලෙස ලොව පුරා පැතිර යන අවස්ථාවන්වලදී ලෝකයේ බොහෝ විද්‍යාඥයන් ඒ සම්බන්ධව තම දායකත්වය ලබා දීමට එක්වේ. මීට පෙර සාර්ස් වසංගතය පැතිර යන අවස්ථාවේදී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන මලික් පීරිස් ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක් විසින් ප්‍රථම වරට සාර්ස් වයිරසය නිශ්චය කිරීමේ ගෞරවය ලබා තිබේ. එමගින් ඒ වයිරසය සඳහා ඖෂධ නිපදවීමට හැකියාව ලැබුණු අතර රෝගය පැතිර යෑම වැළැක්වීමේ ගෞරවයෙන් විශාල ප්‍රමාණයක් මේ ශ්‍රී ලාංකිකයාගේ නමට වෙන් වී තිබේ.
ඔහු මේ වීර ක්‍රියාව සිදු කර ඇත්තේ 2003 වසරේ හොංකොං විශ්වවිද්‍යාලයේදීය.