අවු­රුදු 75ක කඳුළු මතක | සිළුමිණ

අවු­රුදු 75ක කඳුළු මතක

ම ඇසූ පම­ණින් ඇඟ කිලි­පොලා යන අවු­ෂ්විට්ස් වධ කඳ­වු­රට එදා මීදුම මැදින් හිරු පායා ආවේ භීතිය රැගෙන නොවේ. ඒ වෙනු­වට උදා වූ හිරු ඒවෙත රැගෙන ආවේ බිහි­සුණු මත­කය සිතෙන් දරා ගත් මිනි­සුන් කිහිප දෙනෙකි. අදින් වසර 75කට එපිට කඳුළු මත­කය සිත්වල කැටි කර­ගත් ඒ මහලු මිනි­සුන් ගේ පිය ගැටෙන හඬින් නිස­ල­තාව බිඳී ගියේය. වධ­කා­ගා­රය වටා වූ මීදුම ක්‍රම­යෙන් මැකී යන්නට වූයේ ඔවුන්ගේ මුව­ගින් නැගුණු සුසු­ම්ව­ලිනි. අවු­ෂ්විට්ස්. නාසීන්ගේ බිහි­සුණු වධ­කා­ගා­රය. අදින් වසර 75කට පෙර රැසි­යානු හමුදා විසින් මුදා ගැනීමේ කඳුළු මතක සැම­රුම පසු­ගිය 27වැනිදා එම බිමේදී පැවැ­ත්විණි.

1940 වස­රේදී පෝල­න්තයේ අවු­ෂ්විට්ස් කඳ­වුර ඉඳි­වන්නේ පෝලන්ත සිරකරු­වන් ගාල් කර තැබීම වෙනු­වෙනි. එහෙත් පසුව එය නාසීන්ගේ ප්‍රධාන­තම මෙන්ම විශා­ල­තම වධ­කා­ගා­රය බවට පත් වන්නේය. ඒ බිම මත ජීවිත පූජා කළ සංඛ්‍යාව දසලක්ෂ 1.1ක් ලෙස ගණන් බලා තිබේ. පසුගිය 27වැනිදා එහි පැමිණි පිරිස අතර එදා අවු­ෂ්විට්ස් තුළ දුශ්කර කාලයක් ගෙවා දිවි බේරා ගැනී­මට සමත් වූ කිහි­ප­දෙ­නෙක්ද විය. ඔවුන් කඳුළු තුළින් සිහි­පත් කර සිටියේ තමන් එහි ගෙවූ කාලය නොව තමන් සමග එකට එහි ගාල්ව ගෑස් කාමර තුළින් මුක්තිය ලැබූ තම සහෝ­ද­ර­ය­න්වය.

මේ සැම­රුම සඳහා ඊශ්‍රා­යෙල් ජනා­ධි­ප­ති­ව­ර­යාද පෝලන්ත ජනා­ධි­ප­ති­ව­රයා සමග එක්වූ අතර අවු­ෂ්විට්ස් වැනි ස්ථාන යළි මිහි මත බිහි නොව­න්නට අනා­ගත පර­පු­රට පාඩ­මක් කියා දීම වෙනු­වෙන් කුඩා දරු­වන් රැසක්ද එහි පැමිණ සිටි­යහ.

මත­කය වෙනු­වෙන් වැයෙන..
සැනසී නිදන්න..
එදා පීඩි­තව ඇවිද ගිය ඒ බිම..
ඔබ වෙනු­වෙන්...

 

Comments