Coronavirus - මිය ගිය ගණන 132 දක්වා ඉහළට | සිළුමිණ

Coronavirus - මිය ගිය ගණන 132 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 132 දක්වා ඉහළ ගොස් ආසාධිත වූ සංඛ්‍යාව 6,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි.

මේ වනවිට වෛරසය රටවල් 15කට පමණ ව්‍යාප්ත වී ඇති අතර ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් බොහොමයක් සිය ජාතිකයන්ට චීනයට නොයන ලෙස උපදෙස් ලබා දී තිබේ.

වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා විදේශයන්හි සිට පැමිණෙන සංචාරක කණ්ඩායම්වල සංචරණ කටුයුතු තහනම් කිරීමටද, පාසල් වැසීමටද, ලූනර් නව අවුරුදු උත්සවය ද කල්දැමීමට ද චීනය කටයුතු කර ඇත. චීනයේ සිටි ඇමරිකානු සහ ජපාන සංචාරකයන් ඉන් පිටත් කර හැරීමටද පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් සමඟ චීන ජනපති ෂී ජින්පින් අඟහරුවාදා කළ සාකච්ඡාවකදී නව කොරෝනා වෛරසය ‘රාක්ෂයකු’ බව පවසා තිබිණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් හැකි ඉක්මණින් චීනය වෙත පිටත්කර හැරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

(ඒ.එෆ්.පී ඇසුරිනි)

 

Comments