මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක් | සිළුමිණ

මුහුණු ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

මුහුණු ආවරණ සඳහා අද සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉවත දැමිය හැකි මුහුණු ආවරණයක මිල රුපියල් 15 යි.

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණයක මිල ද රුපියල් 15 ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ N95 වර්ගයේ මුඛ ආවරණයක් රුපියල් 150 මිලකට නියම කර ඇති බවයි.

මෙම මිල ගණන් අභිබවා මුහුණ ආවරණ අලෙවි කරනු ලබන වෙළෙඳුන්ට සහ තොග සඟවා තබා ගන්නා වූ වෙළෙඳුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Comments