
සංචාරක සැලසුම් අවලංගු කර ජනාකීර්ණ ස්ථානවලට යාමෙන් වලකින ලෙස, කොරෝනා වෛරස බලපෑ ප්රදේශවලින් මෙරටට පැමිණි තම පුරවැසියන්ගෙන් චීන තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබේ.
ශ්රී ලංකා චීන තානාපති කාර්යාලය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය නිකුත් කර ඇත.