පෘතුවියේ පැරණිතම ද්‍රව්‍යයක් උල්කාපාතයක | සිළුමිණ

පෘතුවියේ පැරණිතම ද්‍රව්‍යයක් උල්කාපාතයක

1969 දී ගිනිකොණදිග ඕස්ට්‍රේලියාවට කඩා වැදුණු උල්කාපාතයක පෘතුවියේ දැනට හමු වූ පැරණිතම ද්‍රව්‍ය අඩංගු බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

එම විද්‍යාඥයන් පිරිසක් පසුගිය සදුදා අනාවරණය කර ඇත්තේ, ද්‍රව්‍ය මීට වසර බිලියන ගනනාවකට ඉහත අපගේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවීමට පෙර තිබූ ද්‍රව්‍ය බවටයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මර්චිසන් නගරයේ තිබූ උල්කාපාත කැබලි වලින් හමු වූ පැරණිතම දූවිලි අංශු මීට වසර බිලියන හතකට පෙර, එනම් අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ ඇතම් කොටස් නිර්මාණය වීමටත් වසර බිලියන 2.5කට පෙර නිර්මාණය වූ ඒවාය. "මේක පුදුම සහගතයි කියලා මට වැටහුනා." චිකාගෝ කෞතුකාගාරයේ සහකාර භාරකරුවකු වන පිලිප් හෙක් පැවසුවේය.

වසර විස්සක් පුරාවට මර්චසින් උල්කාපාතය හා පූර්ව සූපය සම්බන්ධව කටයුතු කලද අපගේ මන්දාකිණියේ ඉතිහාසය ගලකින් අධ්‍යනය කිරීමට හැකි වීම ගැන අදටත් මවිතයට පත්වන බවට හෙතෙම වැඩි දුරටත් සඳහන් කළේය.

මෙම ඝන ද්‍රව්‍ය ඉතාමත් කුඩා වන අතර විශාලත්වයෙන් මෛක්‍රෝමීටර  2 සිට 30 දක්වා අගයක් ගනියි. මෛක්‍රෝමීටරයක් යනු මිලිමීටරයෙන් දහසෙන් පංගුවකි.

මෙම දූවිලි වල වයස සොයාගැනීමට විද්‍යාඥයන් විසින් විශේෂ ක්‍රමවේදයක් අනුගමනය කරයි.

අවකාශයේ පාවෙන එම දූවිලි වලට කොස්මික් කිරණ විදිනු ලබයි. එවිට එම අධි ශක්ති කිරණ මගින් දූවිලි වල අඩංගු දෑ කාබන් හීලියම් වැනි පරමාණු වලට වෙන් වේ.

එම කොටස් රසායනාගාරයේ විවිධ ගනනය කිරීම්වලට ලක් කර දූවිලි වල වයස සොයනු ලැබේ.

මිට පෙරද වසර බිලියන 5.5ක් පමණ පැරණි ඝන ද්‍රව්‍ය මර්චසින් උල්කාපාතයේ තිබී හමුව ඇත.

 

 

Comments