
ගෙවී ගිය වසරේ පැවැති දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය වූයේ එංගලන්තයේ පැවැති එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. රටවල් 10 ක් තරගාවලියට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකාවට හිමි වූයේ 06 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව එහිදී තරග 09 කට ක්‍රීඩා කළ අතර, එහිදී ඇෆ්ගනිස්ථානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීමට සමත් විය.
ලාංකේය ක්‍රීඩා පිටිය 2019 වසරට සමු දුන්නේ ජය පරාජය මෙන්ම අත්දැකීම් ද මහා ගොන්නක් එකතු කර ගනිමින් ය.

පසුගිය වසර අවසන් කරමින් මෙරට පැවැති අන්තර් සමාජ ආරාධිත සීමිත ඕවර් ක්‍රිකට් තරගාවලියේ ජය හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම සමත් විය. ෂෙහාන් ජයසූරියගේ නායකත්වය යටතේ තරග කළ මේරියන්ස් කණ්ඩායම අවසන් මහා තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 91 කින් පරාජය කිරීමට සමත් විය. තම කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් කරා රැගෙන යාමට උරදුන් .කවිඳු මෙන්ඩිස් තුන් ඉරියව්වෙන් ම දස්කම් දැක්වීමට සමත් විය.
ශ්‍රී ලංකාව සාග් තරගාවලියේ දී සිතූ තරම් දස්කම් දැක්වීමට අසමත් වූව ද, සමස්තයක් ලෙස කාලයක් තිස්සේ ගරා වැටෙමින් පැවැති මෙරට ක්‍රීඩාවට යම් හුස්ම පොදක් හෝ එක් කර ගැනීමට අවසන් සාග් තරගාවලිය හරහා හැකිවීම, අනාගතයට හොඳ පෙර නිමිත්තක් ලෙස සැලකිය හැකිය. නමුත් ප්‍රශ්නය වන්නේ මේ සඳහා ලාංකේය ක්‍රීඩා බලධාරීන් කොතරම් සූදානම් ද යන්නයි.
සාග් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1991 ට පසු රන් පදක්කම් සටහනේ ඉන්දියාව අබිබවා යෑමට මෙවර සමත්වීම කැපී පෙනෙන සිදුවීමකි. එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 15 ක්, රිදී 12 ක් සහ ලෝකඩ 8 ක් වශයෙන් සමස්ත පදක්කම් 35 ක් දිනා ගැනීමට සමත් වූහ. මෙකී තරගාවලියට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම ඩෙංගු රෝගයට ගොදුරු වූ අතර තව කිහිප දෙනෙක්ම විවිධ ආබාධයන්ට ලක්වූහ. මේ තත්ත්වය ශ්‍රී ලංකාවට මහත් පාඩුවක් වූ අතර, එහිදී ඔවුන් වෙනුවෙන් ආදේශ කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වීම කැපී පෙනෙන සිදුවීමක් බවට පත් විය.
ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායම යම් යම් අඩු පාඩු මධ්‍යයේ වුව ද උපරිමයට පැමිණීමට ගෙවී ගිය වසරේ වෙර දැරීම කැපී පෙනෙන සිදුවීමක් විය. ශ්‍රී ලංකා යොවුන් දැල් පන්දු කණ්ඩායම 2019 යොවුන් ආසියානු දැල් පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය. 2018 ආසියානු ශූරියන් වූ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පසුගිය වසරේ එංගලන්තයේ පැවැති ලෝක දැල් පන්දු තරගාවලියට එක් විය. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ තරග තුන පරාජය වූ අතර දෙවැනි වටයේ දී සිංගප්පූරුව පරාජය කරමින් ගෝල 78 - 57 ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. රටවල් 16 ක් එක්වූ ලෝක කුසලාන දැල් පන්දු තරගාවලියේ ශ්‍රී ලංකාවට 15 වැනි ස්ථානය හිමි විය. මෙහිදී නවසීලන්තය ලෝක ශූරියන් වූ අතර ඔස්ට්‍රේලියාවට අනුශූරතාව හිමි විය. එංගලන්තයට තෙවැනි ස්ථානය හිමි විය.
මෙම තරගාවලියේදී ලෝකයේ ම අවධානය දිනා ගත් තර්ජනී ශිවලිංගම් හොඳම ගෝලලාභිනිය වෙමින් ගෝල 348 ක් රැස් කිරීමට සමත් වූවාය.
අඩු වැඩි වශයෙන් නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩා ක්‍ෂේත්‍රය දෙස අවධානය යොමු කරන විට වැඩි පුරම කතාබහට ලක්වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවයි. ගෙවී ගිය වසර නිමා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් එතරම් සුබදායක මට්ටමකින් නොවේ. දිගින් දිගටම ලද තරග පරාජයන්, නායකත්ව වෙනස්වීම්, පරිපාලන ගැටීම් මෙන් ම පුහුණු කාර්යය මණ්ඩලයේ සිදුවූ හැල හැප්පීම් මැද ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය වසර පුරාම ගමන් කළේ ආපස්සට මිසක් ඉදිරියට නොවන බව පැහැදිලිය. මෙය පසුගිය වසරට සීමා නොවූ අතර 2018 වසර ද මෙයට දෙවැනි නොවීය. 2018 වසරේ රංගන හේරත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිසා ඇතිවූ හිඩැස පුරවා ගැනීමට තවමත් නොහැකි වී ඇති අතර, ඒ නිසාම පසුගිය කාලය පුරාවටම ශ්‍රී ලංකා ක්‍රිකට් ගෙවා දැමීමේ එතරම් සුබදායි මානසිකත්වයෙන් නොවන බව පැහැදිලි ය.
ගෙවී ගිය වසරේ පැවැති දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය වූයේ එංගලන්තයේ පැවැති එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. රටවල් 10 ක් තරගාවලියට එක්වූ අතර එහිදී ශ්‍රී ලංකාවට හිමි වූයේ 06 වැනි ස්ථානයයි. ශ්‍රී ලංකාව එහිදී තරග 09 කට ක්‍රීඩා කළ අතර, එහිදී ඇෆ්ගනිස්ථානය, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීමට සමත් විය. පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරග දෙක අයහපත් කාලගුණය නිසා අතහැර දැමීමට සිදුවිය. ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරග පරාජය විය.
සත්කාරක එංගලන්තය - ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය - ඉන්දියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර එහිදී එංගලන්තය සහ නවසීලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. මහත් ආන්දෝලනාත්මක තරග අවසානයක් නිමාව සටහන් කරමින් එංගලන්තය ප්‍රථම වරට ලෝක ශූරයන් වනවිට, නවසීලන්තයට අඛණ්ඩව දෙවැනි වරටත් අනුශූරයන් වීමට සිදුවිය.
ශ්‍රී ලංකාව වසර නිමා කළේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල හය වැනි, එක් දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි සහ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල හත්වැනි ස්ථානයන් හිමිකර ගනිමින් ය. කාන්තා ක්‍රිකට්වල ද එතරම් වෙනසක් නැත. එක් දින ශ්‍රේණිගත කිරීම්වල සහ විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ද අටවැනි ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. කාන්තා ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල එක්දින මෙන්ම විස්සයි 20 ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබේ. පිරිමි ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාවට, එක් දින ප්‍රථම ස්ථානය එංගලන්තයට මෙන් ම විස්සයි 20 ප්‍රථම ස්ථානය පාකිස්තානයට හිමිව තිබේ.
විරාත් කෝලි
ගෙවී ගිය වසරේ ටෙස්ට් එක්දින ශ්‍රේණිගත කිරීම්වල පිතිකරුවන් අතර ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට විරාත් කෝලි සමත්ව තිබේ. විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල කෝලිට හිමිව තිබෙන්නේ දහවැනි ස්ථානයයි. ගෙවී ගිය වසරේ ටෙස්ට් තරග අටකින් ලකුණු 612 ක් රැස් කිරීමට කෝලි සමත්ව තිබේ. ගෙවී ගිය වසරේ ටෙස්ට් පිටියේ වැඩිම ලකුණු ලාභියා ඔස්ට්‍රේලියාවේ මානස් ලබුෙඡ්න්ය. මානස් ලබුෙඡ්න් ටෙස්ට් තරග 11 කදී ලකුණු 1104 ක් රැස් කිරීමට සමත්ව තිබේ. ගෙවී ගිය වසරේ ටෙස්ට් පිටියේ ලකුණු දහස ඉක්මවා යෑමට සමත් වූයේ මානස් පමණි.
ගෙවී ගිය වසරේ එක්දින පිටියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා වීමට ද කෝලි සමත් විය. ප්‍රථමයා ඉන්දියාවේම රෝහිත් ෂර්මායි. රෝහිත් තරග 28 කදී ලකුණු 1490 කි. කෝලිට තරග 26 කදී ලකුණු 1377 කි. විස්සයි 20 පිටියේ තරග 10 කදී කෝලිට ලකුණු 466 කි. 31 වැනි වියේ පසුවන කෝලි මේ දක්වා ටෙස්ට් තරග 84 කදී ලකුණු 7202 ක්, එක් දින තරග 242 කදී ලකුණු 11609 ක් සහ විස්සයි 20 තරග 75 කදී ලකුණු 2633 ක් රැස් කර ගෙන තිබේ. ටෙස්ට් ශතක 27 ක් සහ එක්දින ශතක 43 කි.
පැට් කමින්ස්
ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් ටෙස්ට් පන්දු යවන්නන් අතර ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හිමිකර ගෙන තිබේ. ගෙවී ගිය වසරේ තරග 12 කදී කඩුලු 59 ක් බිඳ හෙළමින් ටෙස්ට් පිටියේ වැඩිම කඩුලුලාභියා වීමට ද කමින්ස් සමත් විය. ගෙවී ගිය වසරේ ටෙස්ට් පිටියේ ටෙස්ට් කඩුලු 50 ක් බිඳ හෙළීමට සමත් වූ එකම පන්දු යවන්නා කමින්ස් ය. විසි හය වැනි වියේ පසුවන කමින්ස් ටෙස්ට් තරග 29 කදී කඩුලු 139 ක් බිඳ හෙළා තිබේ. එක් දින ශ්‍රේණිගත කිරීම්වල පස්වැනි ස්ථානය ද හිමිකර ගෙන පැට් කමින්ස්, ගෙවී ගිය වසරේ එක් දින තරග 11 කදී කඩුලු 31 ක් බිඳ දැමීමට සමත්ව තිබේ.
තර්ජනී ශිවලිංගම්
ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් කණ්ඩායමේ හිටපු නායිකාවක මෙන් ම ජ්‍යෙෂ්ඨම ක්‍රීඩිකාවකි. 2009 සිටම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළාය. වරින්වර ජාතික කණ්ඩායමේ පැවැති මතභේද නිසා ඉවත්වූවද, වැඩිම අන්තර් ජාතික තරග සංඛ්‍යාවක් ද නියෝජනය කිරීමට සමත් වූවාය.
ශ්‍රී ලංකා නෙට්බෝල් ඉතිහාසයේ පමණක් නොව, අන්තර්ජාතික මට්ටමේ ද තර්ජනී වඩාත් ප්‍රසිද්ධියක් ඉසුලුවේ සිය අසාමාන්‍ය උස නිසා ය. තර්ජනී අඩි 6 අඟල් 10 ක උසකින් යුක්ත වූවාය. පසුගිය නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේදී තරග 7 කදී ගෝල 348 ක් රැස් කරමින් වැඩිම ගෝල ලාභිනිය වීමට ද සමත් වූවාය. එමෙන් ම තරගයකදී වැඩිම ගෝලලාභිනිය බවට තර්ජනී පත් වූයේ සිංගප්පූරුව සමඟ පැවැති තරගයේදී ගෝල 77 ක් රැස් කරමින් ය. එම තරගයේ තර්ජනීගේ ගෝල විදීමේ සාර්ථකත්වය 92% කි.
ඩිල්ෂි කුමාරසිංහ
පසුගිය සාග් තරගාවලියේ දී මලල ක්‍රීඩාවෙන් සුවිශේෂී දස්කම් දැක්වීමට සමත් වූයේ ඩිල්ෂි කුමාරසිංහයි. ඩිල්ෂි එහිදී මීටර් 400 තත්. 53. 40කින් ද, මීටර් 800 විනාඩි 2.06.18කින් ද නිම කරමින් කේවල ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත් ඩිල්ෂි මීටර් 400 x 4 සහාය දිවීමේ තරගයේ විශිෂ්ට තරග අවසානයක් සටහන් කරමින් ඔමායා, ගයන්තිකා සහ කෞෂල්‍යා සමඟ එක්ව විනාඩි 3.41.40 කින් තරගය නිම කරමින් තෙවැනි රන් පදක්කම ද දිනා ගැනීමට සමත් වූවාය.
මැතිව් අබේසිංහ
සාග් තරගාවලියේ පිහිනුම් ඉසව්වලින් ශ්‍රී ලංකාවට හිමි වූ රන් පදක්කම් හතම දිනා ගැනීමට සමත් වූයේ මැතිව් අබේසිංහයි. ඊට අමතරව රිදී පදක්කමක් සමඟ සමස්ත තරගාවලියේ ම මැතිව් පදක්කම් අටක් දිනා ගැනීමට සමත් විය. මැතිව් 2016 සාග් තරගාවලියේදී රන් පදක්කම් හතක් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මේ අනුව සාග් තරගාවලි (2016 සහ 2019) දෙකකදී මැතිව් රන් 14 ක්, රිදී තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබේ. ඒ අනුව සමස්ත පදක්කම් සංඛ්‍යාව 18 කි.
මැතිව් 2019 සාග් තරගාවලියේදී මීටර් 50 නිදහස් ආර තත්. 22.16, මීටර් 100 නිදහස් ආර තත්. 49.27, මීටර් 200 නිදහස් විනාඩි 1.48.92, මීටර් 50 සමනල ආර තත්. 24. ය. මීටර් 100 සමනල ආර තත්. 53.65, මීටර් 200 මිශ්‍ර ආර විනාඩි 2.01.66, මීටර් 100 x 4 නිදහස් ආර සහාය විනාඩි 3. 19.07 කින් ද නිම කරමින් රන් පදක්කම් 07 දිනා ගැනීමට සමත් විය.










