
රුපියල් මිලියන 300ට අඩු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් ලබාගෙන ඇති ණය සඳහා ආපසු ගෙවීමට රජය සැලසූ සහනය කෙසේ ලබාදෙන්නේ දැයි සඳහන් වැඩපිළිවෙළ හා ක්‍රමවේදය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සකස් කොට මේ වන විට මුදල් අමාත්‍යාංශයට භාරදී තිබේ.
ඒ අනුව මෙම වැඩපිළිවෙළ හා ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කොට කළ යුතු සංශෝධන හෝ වෙනත් මඟ පෙන්වීම් හෝ ලබාදීමෙන් අනතුරුව මුදල් අමාත්‍යාංශය විසින් නැවතත් එය තමන් වෙත යොමු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වන බවද ඉන් පසු එය මෙරට බැංකු හා මූල්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූලව වැඩපිළිවෙළ යොදන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය හා මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආර්ථිකය යළි ඉක්මනින් පණ ගැන්වීම සඳහා ව්‍යවසායකයින්ට ලබාදිය යුතු දිරිගැන්වීම් අරබයා මෙම සහන වැඩපිළිවෙළ හඳුන්වා දී ඇත. ඒ මඟින් දැනට අකර්මණ්‍යව ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නැවත වතාවක් බලගැන්වීමක් සිදුවී ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයට සක්‍රීය ලෙස දායක වනු ඇත.