
පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කස්කස්ථානයේ අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව කඩා වැටී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 7 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
කසකස්ථාන බලධාරීන් විසින් එළෙස තහවුරු කර ඇතත් දිවි ගලවාගත් කිසිවෙකුත් පිළිබඳව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ
යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී ඇත.
අල්මටි ගුවන්තොටුපොළ බලධාරීන් පවසන්නේ, අනතුර සිදු වන ඇවස්ථාවේ යානයේ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු සිට ඇති බවයි.