මුෂා­රාෆ්ට මරණ දඬු­වම | සිළුමිණ

මුෂා­රාෆ්ට මරණ දඬු­වම

පාකි­ස්තාන අධි­ක­ර­ණය පසු­ගි­යදා එරට හිටපු අග­මැති පර්වේස් මුෂා­රාෆ්ට මර­ණීය දණ්ඩ­නය නියම කළේය. ඒ ඔහු එරට අග­මැති ධූරය දර­මින් සිටි සමයේ ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව උල්ලං­ඝ­නය කළේය යන චෝද­නාව තහ­වුරු කර­මිනි.

මේ වන විට 76 හැවි­රිදි වියේ පසු­වන මුෂා­රාෆ් 2016 වස­රේදී සෞඛ්‍ය හේතූන් මත ප්‍රති­කාර ගැනී­මට අධි­ක­රණ අව­ස­රය මත සවුදි අරා­බිය බලා පිටත්ව ගියේය. මේ වන විටත් ඔහු එරට රැඳී සිටි­න්නේය. එබැ­වින් මේ මර­ණීය දණ්ඩ­නය ක්‍රියා­ත්මක නොවී­මට බොහෝ දුරට ඉඩ ඇත. කෙසේ වෙතත් නවාස් ශරීෆ් ගේ දේශ­පා­ලන පක්ෂයට මේ තීන්දු­වෙන් ජය­ග්‍රහී හැඟී­මක් නම් හිමි­වනු නිසැ­කය. ඒ ඔවුන් මුෂා­රාෆ්ට එරෙහි මේ චෝද­නාව වසර ගණ­නා­වක් අධි­ක­ර­ණ­මය කට­යු­ත්තක් ලෙස ඉදි­රි­යට ගෙන ඒමට කැපවී ක්‍රියා කළ බැවිනි. නවාස් ශරීෆ්ගේ පක්ෂයේ මේ කැප­වීම එකට එක කිරී­මක් ලෙස දැකිය හැකිය.

1998 වස­රේදී මුෂා­රාෆ් තරු හතරේ ජෙන­රා­ල්ව­ර­යකු බවට පත් කර­මින් පකි­ස්තාන හමු­දාව ඔහුට බාර දෙන්නේ නවාස් ෂරීෆ් ය. එහෙත් 1999 වන විට ඔවුන් දෙදෙනා දරුණු පස මිතු­රන් බවට පත් වන්නේය. ඒ බලය යන සාධ­කය පද­නම් කර ගනි­මිනි. හමු­දා­පති ධූර­යෙන් සෑහි­ම­කට පත් නොවී තව­ත­වත් බලය ලබා ගැනී­මට මුෂා­රාෆ්ට කිසි­යම් විදෙස් රට­කින් යම් පෙළ­ඹ­වී­මක් සිදු කෙරු­ණේද යන්න වැඩි­දු­ර­ටත් සිතා බැලී­මට තරම් සාධක සහිත කරු­ණකි. කෙසේ වුවද තමා තව­දු­ර­ටත් දක්ෂ බව මුෂා­රාෆ් එව­කට සිටි අග­මැති නවාස් ශරීෆ්ට පෙන්වා දෙන්නේ ඔහුට එරෙ­හිව හමුදා කුම­න්ත්‍ර­න­යක් මගින් බලය ලබා ගනි­මිනි. පසුව ඔහු එරට අග­මැති ධූර­යට තමාම පත්වූ­යේය. එමෙන්ම පසු­කා­ලී­නව තමා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී ලෙස පත්වූ ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පාල­ක­යකු බව ලොවට මෙන්ම පකි­ස්තාන ජන­තා­වට පෙන්වී­ම­ටද වැඩි උත්සා­හ­යක් දැරු­වේය.

විශේ­ෂ­යෙන්ම සඳ­හන් කළ යුතු වන්නේ මුෂා­රාෆ්ගේ පාලන සම­යේදී පකි­ස්ථා­න­යට මුළු ලෝක­යේම අව­ධා­නය හිමිවූ බවයි. එසේ වූයේ 2001 වස­රේදී අමෙ­රි­කාව බින් ලාඩන් සොයා ඇෆ්ග­නි­ස්ථා­නය ආක්‍ර­ම­ණය කිරී­මයි. ඒ සඳහා අමෙ­රි­කානු හමු­දා­වන්ට භූමිය සප­යනු ලැබුවේ පකි­ස්ථා­න­යයි. අමෙ­රි­කානු ගුවන් යානා බින් ලාඩන් සොයා ඇෆ්ග­නි­ස්ථා­නය කරා ගුවන් ගත වූයේ පකි­ස්ථාන ගුවන් තොටු­පොළ භාවිත කර­මිනි. කෙසේ වුවද මේ කාලයේ පකි­ස්ථා­න­යට කිසිදු ආර්ථික අහේ­නි­යක් වූයේ නැත. මුෂා­රාෆ්ට තර්ජන එල්ල කිරී­මට කිසිදු පකි­ස්ථාන දේශ­පා­ල­න­ඥ­ය­කුට නොහැකි වූ අතර ඔහු 2008 වන තෙක් නිරු­ප්‍ර­දිැ­තව පාල­නය ගෙන ගියේය. මේ අතර ඇෆ්ග­නි­ස්ථා­නය බිමට සම­තලා කර දැමූ ඇම­රි­කා­වද යළි සිය­රට බලා ගියේය.

ව්‍යව­ස්ථාව වෙනස් කර­මින් දිගින් දිග­ටම බලයේ සිටී­මට මුෂා­රාෆ් උත්සාහ කරන්නේ මේ අත­ර­වා­ර­යේ­දීය. පසු­කා­ලී­නව ඔහුට එරෙ­හිව නවාස් ශරීෆ්ගේ පාක්ෂි­ක­යන් අධි­ක­ර­ණය හමුවේ තබ­න්නේද මේ චෝද­නා­වය. මුෂා­රාෆ් බල­යෙන් ඉවත් වූ 2008 වස­රින් පසුව ඔහු මේ චෝද­නාව යටතේ අධි­ක­ර­ණය හමු­වට කැඳ­වුණු අතර 2016දී ඔහු අධි­ක­රණ අව­ස­රය මත ප්‍රති­කාර ලබා ගැනී­මට සවුදි අරා­බිය බලා පිටත් වන්නේය.

බලය තමන් සතු කර ගැනී­මට සහාය දෙන බළල් අත් තම අව­ශ්‍ය­තාව ඉටු කර ගත් පසු තමන් අත­හැර යන බව මුෂා­රාෆ් පම­ණක් නොව බළල් අත්ව­ලට හසු­වන බොහෝ දෙනා වටහා ගත යුතු මූලික කාර­ණ­යක් වන්නේය. එමෙන්ම බලය සදා­කා­ලික නොවන බවද ඒ සමග තේරුම් ගත යුතු අනෙක් කරුණ වන්නේය. මේ වන වට පකි­ස්ථාන අධි­ක­ර­ණ­යෙන්ම දස වස­රක සිර දඬු­වම් ලැබ සිටින නවාස් ශරීෆ්ද මුෂා­රාෆ් සේම ඒ දහම තේරුම් ගන්න­වාට සැක නැත.

Comments