
මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැහැරගත් බව කියන සිද්ධිය හා දැනට පවතින තත්ත්වය පිළිබඳ ඉදිරි සතියේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කර තිබේ.
විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍ය ඉග්නාසියෝ කාසිස් අතර පැවැති දුරකතන සංවාදයකින් පසු මේ තීරණය ගෙන ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට හිටපු ස්විට්සර්ලන්ත තානාපතිවරයකු වන ජෝර්ජ් ෆ්රීඩන් මහතාද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, මේ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට ඔහු මෙරට රජයට සහාය දක්වනු ඇතැයි පැවසේ.