මහ ඡන්දය දිනන්න නම් සජිත්ට පක්ෂ නාය­ක­ත්වය ඕනෑ | සිළුමිණ

මහ ඡන්දය දිනන්න නම් සජිත්ට පක්ෂ නාය­ක­ත්වය ඕනෑ

 

 

ජන­ප­ති­ව­ර­ණ­යෙන් පසු ‘සජිත් ප්‍රේම­දාස ගමින් ගමට ජන­තාව මුණ­ගැ­සීම’ නමින් ජන­රැලි මාලා­වක් අරඹා තිබෙ­නවා. ඇයි මෙවැනි ජන­රැලි මාලා­වක් ඇර­ඹී­මට හිතුවේ?

සජිත් ප්‍රේම­දාස මහතා සිදු කරන්නේ ඉතා වැද­ගත් කට­යු­ත්තක්‍. ඔහු ජනා­ධි­ප­ති­ව­ර­ණ­යේදී ජන­රැලි එක­සිය පන­හ­කට වඩා ඇමැ­තුවා. ඒ වගේ ම සජිත්ට මේ රටේ ලක්ෂ පනස් පහක පමණ ජන­තාව ඡන්දය ලබාදී තිබෙ­නවා‍. එය ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට හත­ළිස් එකයි දශම නව­යයි නව­යක් වෙනවා. ඉතිං මේ ඡන්දය ලබා­දුන් ජන­තා­වට ස්තුති කර­න්නයි මෙවැනි ජන­රැලි මාලා­වක් ඇර­ඹුවේ. මැති­ව­රණ ඉති­හා­සය තුළ කිසිදු පරා­ජිත අපේ­ක්ෂ­ක­යෙක් තමාට ඡන්දය දුන් ජන­තා­වට ස්තුති කරන්න ජන රැලි පවත්වා නෑ‍. මේ තමයි පළමු අව­ස්ථාව‍. අපිට ඡන්දය දුන් ජන­තාව ළඟ­ටම ගිහින් ස්තුති කිරීම කෘත­ගුණ සැල­කී­මක් ලෙස සජිත් ප්‍රේම­දාස මහතා දකි­නවා. ඒ නිසයි මෙවැනි ජන­රැලි මාලා­වක් ඇර­ඹුවේ කොළඹ, ගම්පහ, කළු­තර ඇතුළු දිව­යිනේ සිය­ලුම මැති­ව­රණ කොට්ඨා­ස­ව­ලට ගොස් ස්තුති කරන්න සජිත් ප්‍රේම­දාස මහතා අපේක්ෂා කර­නවා.

ජන­ප­ති­ව­ර­ණ­යෙන් පසු සජිත් ප්‍රේම­දාස මහතා සිය දුර­ක­ත­නත් විසන්ධි කර­ගෙන යාල කැල­යට වී සිටි බවට චෝද­නා­වක් ආණ්ඩු පක්ෂ­යෙන් නග­නවා‍. ඒ ගැන මොකද කියන්නේ?

ආණ්ඩු පක්ෂය ඒ ගෙනි­යන්නේ බොරු මඩ ප්‍රචා­ර­යක්. එහි කිසිදු සත්‍ය­තා­වක් නෑ. සජිත් ප්‍රේම­දාස මහතා කීප­ව­රක් ම අපේ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් හමු­වුණා. රැස්වීම් ගණ­නා­වක් තිබ්බා. මැති­ව­ර­ණය පිළි­බඳ අපේ අද­හ­සුත් අරන් තමයි ස්තුති ජන­රැලි පව­ත්වන්නේ.

පක්ෂ නාය­ක­ත්වය නොමැ­තිව අග­මැති අපේ­ක්ෂ­ක­ත්වය බාර නොගන්නා බව සජිත් ප්‍රේම­දාස මහතා මාධ්‍ය­යට පවසා තිබුණා. මේ ප්‍රකා­ශය ගැන එජා­පයේ ම ඇතැ­මුන් කියන්නේ සජිත් මස් රාත්ත­ලම ඉල්ලන බවයි. ඊට ඔබේ පිළි­තුර කුමක්ද?

සජිත් ප්‍රේම­දාස මහතා ජනා­ධි­පති අපේ­ක්ෂ­කයා වී තරග කරන කොටත් ‍ඔහුගේ කොන්දේ­සි­යක් තිබුණා පක්ෂ නාය­ක­ත්ව­යත් ලැබිය යුතුයි කියලා. මැති­ව­ර­ණ­ය­කට නාය­ක­ත්වය දෙන විට ඉතා පැහැ­දි­ලි­වම පක්ෂ නාය­ක­ත්වය තිබිය යුතුයි.‍ අග­මැති අපේ­ක්ෂ­කයා ලෙස තමයි ඉදි­රි­යට තර­ගය තියෙන්නේ. ජන­ප­ති­ව­ර­ණයේ සජිත් ප්‍රේම­දාස මහ­තාට පක්ෂ නාය­ක­ත්වය තිබුණා නම් මීට වඩා හොඳ ප්‍රති­ඵ­ල­යක් ගන්න තිබුණා. පක්ෂ යාන්ත්‍ර­ණ­යට නාය­ක­ත්වය ලබා­දී­මට හා පක්ෂය මෙහෙ­ය­වී­මට නාය­ක­ත්වය අත්‍යා­වශ්‍ය කාර­ණ­යක්. මැති­ව­ර­ණ­ය­කට මුහුණ දෙන­කොට පක්ෂ නාය­ක­ත්වය නොමැති වුණොත් එය සාර්ථක වෙන්නේ නෑ.

ඒත් 2015 මෛත්‍රී­පාල සිරි­සේන මහතා තරග කොට ජය­ගත් ඡන්ද­යේදී ඔහුට එජාප නාය­ක­ත්වය හෝ ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ නාය­ක­ත්ව­යක් තිබුණේ නෑ. එන­මුත් මැති­ව­ර­ණය ජය ගත්තා. එත­කොට ඔබේ තර්ක­යට වලං­ගු­භා­ව­යක් තිබේද?

ඒක වෙනස් ම අව­ස්ථා­වක්. එත­නදී මෛත්‍රී­පාල සිරි­සේන මහතා එජාප අපේ­ක්ෂ­ක­යෙක් නෙවේ. පොදු අපේ­ක්ෂ­ක­යෙක්. ඒ නිසා ඔහුට එජාප නාය­ක­ත්වය කොහො­ම­ට­වත් ලබා දෙන්න බෑනේ. ඒත් සජිත් ප්‍රේම­දාස මහතා එජා­පයේ නියෝජ්‍ය නාය­කයා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාත් කියලා තිබෙ­නවා එජාප නාය­ක­ත්වය තරුණ පිරි­ස­කට බාර දෙනවා කියලා. රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට පසු ජන­තාව ඉල්ලන එකම නාය­කයා සජිත් ප්‍රේම­දා­සයි. එජා­පයේ ඒ තැන ගන්න වෙනත් අයකු නෑ. මැති­ව­ර­ණ­යක් ජය ගන්න සජිත් ප්‍රේම­දාස මහ­තාට පක්ෂ නාය­ක­ත්ව­යක් ලබා දීම ඉතා­මත් සුදුසු බව මා පෞද්ග­ලි­කව හිත­නවා.

එක්සත් ජාතික පක්ෂය මෙහෙ­ය­වී­මට කරු ජය­සූ­රිය මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් නාය­කත්ව මණ්ඩ­ල­යක් ගෙන ඒමට එක්සත් භික්ෂු පෙර­මුණ නව අද­හ­සක් ගෙන එනවා. ඒ අද­හස ගැන මොකද කියන්නේ.

ඒක එක්සත් භික්ෂු පෙර­මුණේ මතය වෙන්න ඇති. ඒත් හැබැයි ඒක එක්සත් ජාතික පක්ෂයේ බහු­තර මතය නෙවෙයි. බහු­තර පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් පිරි­සක් ඉන්නේ සජිත් ප්‍රේම­දාස මහ­තාට පක්ෂ නාය­ක­ත්වය ලබා­දිය යුතුයි කියන මත­යේයි.

ජනා­ධි­ප­ති­ව­ර­ණයේ ප්‍රචා­රක කට­යුතු සිදු කිරීම සඳහා සජිත් ප්‍රේම­දාස මහතා රුපි­යල් මිලි­යන 260 ක් පමණ ණය වී තිබෙන බව කියන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?

මැති­ව­ර­ණ­යක් සංවි­ධා­නය කරන කොට ඊට විශාල මුද­ලක් වැය වෙනවා. සජිත් ප්‍රේම­දාස මහ­තා­ටත් විශාල මුද­ලක් වැය වෙන්න ඇති. ඔහු එහෙම ප්‍රකා­ශ­යක් කරලා තිය­නවා නම් එය නිවැ­රැදි ඇති. මා නම් එහි අගක් මුලක් දන්නේ නෑ.

මේ මැති­ව­ර­ණ­යේදී මුදල් ලැබුණු ආකා­රය හා ඒවා විය­දම් කළ ආකා­රය පිළි­බඳ යම් යම් පාර්ශ්ව අතර මත­වාද පව­ති­නවා. මැති­ව­ර­ණ­යට ලැබුණු මුදල් විය­දම් නොකර පිල්ලි ගැහුවා කියන චෝද­නා­වට ඔබේ පිළි­තුර කුමක්ද?

මා පෞද්ග­ලි­කව ඒ ගැන නම් ඇත්ත­ටම දන්නේ නෑ. මා මුදල් එකතු කළෙත් නෑ. විය­දම් කළෙත් නෑ. මුදල් කමි­ටුවේ මා හිටියේ නෑ‍.

එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා පවසා තිබුණා සිය­ලුම ජන­මත සමී­ක්ෂ­ණ­ව­ලින් සජිත් හිටියේ පසු­ප­සින් කියලා. ඉන් ගම්‍ය වන්නේ සජිත්ගේ පරා­ජය එජාප නාය­කයා කලින් දැන සිටි බව නේද?

සජිත් ප්‍රේම­දාස මහතා පාස්කු ත්‍රස්ත ප්‍රහා­ර­යට ප්‍රථ­ම­යෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාට වඩා ඉදි­රි­යෙන් හිටි බව කවු­රුත් දන්නවා. පාස්කු බෝම්බ ප්‍රහා­ර­යෙන් පසුව තමයි සජිත් ප්‍රේම­දාස මහතා අබි­බවා ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­යට පැමි­ණියේ. ඊට පසුව කළ සමී­ක්ෂණ කීප­යෙන් ම ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ඉදි­රි­යෙන් හිටියා.

එහෙම නම් සජිත්ගේ ජය­ග්‍ර­හ­ණය සඳහා එජාප නායක රනිල් වික්‍ර­ම­සිංහ මහතා ගන්නා ලද උත්සා­හය පිළි­බඳ සෑහී­ම­කට පත් විය හැකිද?

ඒකට පක්ෂ නාය­කයා විත­රක් වග­කිව යුතු නෑ. අපි බලා­පො­රොත්තු වූ අන්ද­මින් ඒ කට­යුත්ත ඉටු කරන්න ඒ ඉල­ක්ක­යට යන්න අපි කාටත් බැරි වුණා. පක්ෂ නාය­ක­යාට විත­රක් දොස් නොකියා ඒ වග­කීම අපි කවු­රුත් බාර­ගන්න ඕනෑ.

ඔබ නියෝ­ජ­නය කරන දොම්පේ ආස­න­යත් විශාල පරා­ජ­යක් ලැබුවා. ඇයි එහෙම වෙන්න හේතුව?

දොම්පෙට පම­ණක් නොවේ ගම්පහ දිස්ත්‍රි­ක්කයේ අත්ත­න­ගල්ල, මහර, ගම්පහ ආදී සිංහල බෞද්ධ ඡන්ද­දා­ය­ක­යන් වැඩි පිරි­සක් සිටින ආස­න­වල එවැනි පරා­ජ­යන් ලැබුවා. ඊට මූලි­කම හේතුව අපෙන් සිංහල බෞද්ධ පද­නම ගිලිහී යෑමයි.

ජන­ප­ති­ව­ර­ණ­යේදී ඔබ පක්ෂ­යෙන් ගිලිහී ගිය ඡන්ද මහ මැති­ව­ර­ණ­යේදී යළි ලබා ගැනී­මට ඔබ පක්ෂය අනු­ග­ම­නය කරන උපාය උප­ක්‍රම මොන­වාද?

අපි නැවත බිම් මට්ට­මින් සියලු සංවි­ධාන කට­යුතු කරන්න බලා­පො­රොත්තු වෙනවා. ඒ වගේ ම පක්ෂ නාය­ක­ත්වයේ සිට පක්ෂයේ ප්‍රති­රූ­පය ඉහළ දම­න්න­ටත් ප්‍රති­සං­වි­ධාන කට­යුතු කර­න්නත් සූදා­නම්ව සිටි­නවා.

වත්මන් ආණ්ඩුව අන­වශ්‍ය විය­දම් කපා හරි­මින් සිටි­නවා. ඒ අතර කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය පව­ත්වා­ගෙන ගිය මස­කට කෝටි දෙකක් කුලිය ගෙවන බිල්ඩිම නැවත බාරදී කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය කලින් තිබුණු තැන­ටම ගෙනි­යන්න තීර­ණය කර තිබෙ­නවා. මේ සාධ­නීය පිය­ව­ර­යන් ගැන එජා­පයේ මන්ත්‍රී­ව­ර­යකු ලෙස ඔබේ අද­හස කුමක්ද?

කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ කට­යු­තු­ව­ලදී පම­ණක් නොවෙයි සම­ස්ත­යක් හැටි­යට එය හොඳ ක්‍රියා­වක් ලෙස මා දකි­නවා. නමුත් කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය කලින් තිබූ ගොඩ­නැ­ගිල්ල සකස් කළේ ආංශික කාරක සභා පිහි­ටු­වලා පාර්ලි­මේන්තු ක්‍රමය ශක්ති­මත් කිරී­ම­ටයි. ඒත් අන්ති­මට පාර්ලි­මේන්තු ක්‍රමය ශක්ති­මත් කිරීමේ කාර්ය මේ නිසා අහිමි වෙනවා. පාර්ලි­මේන්තු ක්‍රමය ශක්ති­මත් කර­නවා කියන්නේ ජන­තාව පාල­න­යට සම්බන්ධ කර ගැනී­මයි. ඒ අධි­ක­රණ කාරක සභා අක්‍රීය කිරීම කන­ගා­ටු­දා­ය­කයි.

මේ වසරේ දෙසැ­ම්බර් 31 වැනි­දාට ප්‍රථම කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය කැඳ­වන ලෙසට එජාප මන්ත්‍රීන් 27 දෙනෙ­කුගේ අත්සන් සහි­තව රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාට ලිපි­යක් බාරදී තිබෙ­නවා. ඒ අනුව ඉදි­රි­යේදී කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය කැඳ­ව­යිද?

දැනට නම් කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය කැඳ­ව­නවා කියන පණි­වු­ඩ­යක් අපිට දීලා නෑ. මං හිතන්නේ නෑ එදි­නට පෙර කැඳ­වයි කියලා.

එහෙම වුණොත් ඉදි­රි­යේදී කුමක් සිදු­වෙ­යිද?

අපි සාකච්ඡා මාර්ග­යෙන් මේ ප්‍රශ්නය විසැ­දේවි යැයි හිත­නවා.

එජාප කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලයේ බහු­තර පිරි­සක් දැනට දිනා­ගෙන ඉන්නේ රනිල් වික්‍ර­ම­සිංහ පාර්ශ්ව­යද සජිත් ප්‍රේම­දාස පාර්ශ්ව­යද?

මා කෘත්‍යා­ධි­කාරි මණ්ඩල සභි­ක­යෙක් නොවේ. ඒ ගැන ලොකු අව­බෝ­ධ­යක් මට නෑ. ඒත් සාමාන්‍ය ජන­තා­ව­ගෙන් බහු­ත­ර­යක් සිටින්නේ සජිත් සම­ඟයි.

ඔබ එජාප පාර්ලි‍මේන්තු මන්ත්‍රී­ව­ර­යෙක් වෙලත් ඇයි කෘත්‍යා­ධි­කාරි මණ්ඩ­ලය තුළ නියෝ­ජ­න­යක් නැත්තේ.

මටත් ඒක ලොකු ගැට­ලු­වක්.

19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාව අනි­වා­ර්ය­යෙන් ම අහෝසි කළ යුතු බව ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා කිය­නවා. ඉදි­රි­යේදී ඒ පිළි­බඳ සහාය දීමට එජා­පය සූදා­නම්ද?

එජා­පය 19 වැනි සංශෝ­ධ­නය ගෙන ඒමට මූලි­ක­ත්වය ගෙන කට­යුතු කළා. මෙම­ඟින් ජන­ප­ති­ව­ර­යාගේ බල­තල සීමා කිරී­මක් සිදු­කර තිබෙ­නවා.

ඒත් 19 වැනි ආණ්ඩු­ක්‍රම ව්‍යව­ස්ථාවේ අඩු­පාඩු තිය­නවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න අපි එක­ඟයි. ඒත් 19 මුළු­ම­නින් ම අහෝසි කරන්න අපි එකඟ නෑ.

 

Comments