බ්‍රිතාන්‍ය මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂ­යට ජය | Page 2 | සිළුමිණ

බ්‍රිතාන්‍ය මැති­ව­ර­ණ­යෙන් පාලක පක්ෂ­යට ජය

සු­ගි­යදා පැවති මහා මැති­ව­ර­ණ­යෙන් බ්‍රිතා­න්‍යයේ පාලක කන්ස­ර්ව­ටිව් පක්ෂ­යට විශිෂ්ඨ ජයක් හිමි වී තිබේ. බ්‍රිතා­න්‍යයේ පාර්ලි­මේ­න්තුවේ ආසන 650ක් පව­තින අතර මැති­ව­ර­ණ­යක් ජය­ග්‍ර­හ­ණය කිරීම සඳහා ඉන් බහු­තර ආසන සංඛ්‍යා­වක් එනම් ආසන 326ක් ලබා ගත යුතුය.

මෙවර ප්‍රති­ඵල නිකුත් වීම ඇරඹී පැය කිහි­ප­යක් ඉක්ම යත්ම කන්ස­ර්ව­ටිව් පක්ෂය ඉදි­රි­යෙන් සිටින බව පැහැ­දි­ලිව දක්නට විය. ආසන 480ක ප්‍රති­ඵල නිකුත් වී අව­සන් වන විට කන්ස­ර්ව­ටිව් පක්ෂය ආසන 244ක් සහ ලේබර් පක්ෂය ආසන 163ක් ද ජය­ග්‍ර­හ­ණය කර තිබිණි. සෙසු ආසන සුළු පක්ෂ විසින් ජය­ග්‍ර­හ­ණය කර තිබිණි.

මැති­ව­රණ ප්‍රති­ඵල සම්පූ­ර්ණ­යෙන් නිකුත් වීමට පෙර බීබීසී ආය­ත­නය විසින් පළ කරන ලද අනා­වැ­කි­ය­කින් ප්‍රකාශ වූයේ කන්ස­ර්ව­ටිව් පක්ෂය ආසන 362ක් සහ ලේබර් පක්ෂය ආසන 199ක්ද දිනා ගනු ඇති බවය.

මේ අතර ප්‍රති­ඵල නිකුත් වීම ඇර­ඹී­මෙන් පසුව ලේබර් පක්ෂ නායක ජිම් කෝබට් පවසා තිබුණේ ‘මේ ලේබර් පක්ෂ සාමා­ජි­ක­යන්ට ඉතා කණ­ගා­ටු­දා­යක රාත්‍රි­යක්‘ බවයි. ලේබර් පක්ෂය 2017 වසරේ දී ජය­ග්‍ර­හ­ණය කිරී­මට සමත් වූ ආසන පවා මෙවර ඔවුන්ට අහිමි වී තිබිණි.

ජය­ග්‍රාහී කන්ස­ර්ව­ටිව් පක්ෂය ඉදි­රි­ය­ටත් බ්‍රෙක්සිට් ක්‍රියා­ත්මක කිරීම ඇතුළු තම වැඩ­පි­ළි­වෙළ ඉදි­රි­යට ගෙන යනු ඇති බව­ටද අනා­වැකි ප්‍රකාශ වී තිබේ.

Comments