ඔක්සිජන් අඩු වෙමින් පවතින මහ සාගරය | සිළුමිණ

ඔක්සිජන් අඩු වෙමින් පවතින මහ සාගරය

දිගින් දිගටම සිදුවන කාලගුණ විපර්යාසයන් හමුවේ සාගර ජලය තුළ පවතින ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙමින් ඇති බවට පර්යේෂකයින් පිරිසක් අනතුරු අඟවයි.

එම පර්යේෂකයින් වැඩිදුරටත් අනාවරණ කරන්නේ, ඉන් සාගරවල වෙසෙන මත්ස්‍යයින් ඇතුළු සාගර ජීවීන් රැසක් අවදානමකට මුහුණ දී සිටින බවයි.

මේ බව හෙළි කෙරුණේ සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට අනුබද්ධ පර්යේෂකයින් පිරිසක් මගින් සිදුකළ අධ්‍යනයකදීයි.

සාගරය තුළ ඇති පෝෂ්‍ය පදාර්ථ ක්‍රියාවිරහිත වෙමින් ඇති බව දශක ගණනාවක් පුරා දැන සිටියද, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගරය තුළ ඇති ඔක්සිජන් ප්‍රමාණය හීනවීම ද මේ වනවිට නරක අතට හැරෙමින් ඇති බවයි එම පර්යේෂකයින් පවසන්නේ.

ඒ අනුව සාගර කලාපවලින් ස්ථාන 700ක පමණ මේ වනවිටත් පවතින්නේ අඩු ඔක්සිජන් ප්‍රමාණයක් බව ද පර්යේෂකයින් පවසයි.

මෙම තත්ත්වය හමුවේ මෝරුන් සහ ටූනා මත්ස්‍යයින් ඇතුළු තවත් මත්ස්‍ය වර්ග කිහිපයක් දැඩි ලෙස අවධානමට ලක්ව සිටින බව ද අනාවරණ වී ඇතැයි සඳහන්. 

 

 

Comments