
ඡන්දය මිලටගත යුත්තක් නොව උපයාගත යුත්තකි. මේ වග සඳහන් කරමින් ප්‍රමුඛ පෙළේ සමාජ ජාලයක් වන ටුවිටර් තුල ලොව පුරා සියලුම දේශපාලනික දැන්වීම් තහනම් කර ඇත.
"අන්තර්ජාල දැන්වීම්කරණය ඉතාමත් ප්‍රභල මෙන්ම ඵලදායි දෙයක් වන නිසා එය දේශපාලනයදී සැලකිය යුතු තරමේ අවදානමක් ගෙන එනවා" යනුවෙන් ටුවිටර් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ජැක් ඩොව්සේ ටුවිටර් පණිවිඩයක් මගින් සදහන් කර ඇත.
මෙම තහනමත් සමඟ 2020 ජනාධිපතිවරණය පිළිබද ඇමරිකානු දේශපාලන කඳවුරු පිල් දෙකකට බෙදී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත තේරීපත් වීමේ ව්‍යාපාරයේ කළමනාකරු, බ්‍රැඩ් පාර්ස්කෙලි කියා සිටියේ මෙම තහනම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු පාලක පක්ෂය නිහඬ කිරීමට ගත් තවත් එක් උත්සහයක් බවයි.
ඩිමොක්‍රොටික් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙකු වන බිල් රූසෝ කියා සිටියේ "දැන්වීම් වලින් ලැබෙන මුදල් හා ප්‍රජාත්‍රන්තවාදය යන දෙකෙන් එකක් තෝරාගැනීමදී මුදල් නොව ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම අගය කළ යුක්තක්" බවයි.
ටුවිටර් සමාගමේ වෙළෙඳ ප්‍රතිවාදී සමාගම වන ෆේස්බුක් ආයතනය දේශපාලන දැන්වීම් තහනම් කිරීම මෑතකදී ප්‍රතික්ෂේප කර ඇත.
"ප්‍රජාත්‍රන්තවාදී සමාජයක් තුළ පෞද්ගලික සමාගම් විසින් දේශපාලඥයන් හෝ ඔවුන්ගේ ප්‍රවෘත්ති වාරණය කිරීම නොකළ යුතුයි". යනුවෙන් ටුවිටර් සමාගමේ නව ප්‍රතිපප්තියට පිළිතුරක් වශයෙන් ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් සමුළුවකදී මාධ්‍යවේදීන්ට සිය අදහස් දැක්විය.
ටුවිටර් සමාගම නොවැම්බර් 22දා සිට මෙම තහනම ක්‍රියාත්මක කරන අතර වාරණය පිළිබඳව සම්පූර්ණ තොරතුරු නොවැම්බර් 15දින නිකුත් කිරීමට නියමිතය.
.jpg)
.jpg)