
මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ සහාය ලබා දෙන්නේ කාටද යන තීරණය අද (13) දිනයේ ප්‍රකාශයට පත් කරන බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි. තම පක්ෂය මේ වනතුරුත් සහාය දෙන්නේ කටද යන්න පිළිබඳව තවමත් තීරණය කර නොහැති බව පැවසූ පක්ෂ ප්රකාශකයෙන් පෙන්වා දුන්නේ අද (13) කොටගල ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂ මුලස්ථානයේ පවත්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ සම්බන්ධව තිරණයක් ගෙන ඒ බව දැනුම් දෙන බවයි.
ජනාධිපතිවරණයේ ප්‍රධාන තරගකරුවන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස මහතාට හෝ ගෝඨාභය රාජපක්ෂ යන දෙදෙනාගෙන් එක් අයකුට සහාය ලබා දෙන නමුත් සහාය ලබා දෙන්නේ කාටද යන්න පක්ෂය මේ දක්වා තීරණය කර නොමැති අවස්ථාවක ඇතැම් මාධ්‍ය විසින් මේ දෙදෙනාගේම නම් සඳහන් කර තම පක්ෂය සහාය ලබා දෙන බවට මතවාද නිර්මාණය කර ඇති බව එම ප්‍රකාශකයා කීවේය.