
හංසිනී ගෝමස් කිලෝග්රෑම් 49 බර පන්තියේ බර ඉසිලීම කාන්තා ඉසව්වේ නව ශ්රී ලංකා වාර්තා දෙකක් තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී පිහිටුවා තිබේ.
එහිදී ඇය ස්නැච් ක්රමයෙන් කිලෝග්රෑම් 72 ක බරක් එසවූයේ නව ශ්රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි.
මේ අතර හංසනී, එම බර පන්තියේ මුළු බර ලෙස කිලෝග්රෑම් 157 ක බරක් එසවිය.



