
මෙවර මැතිවරණ කාල සීමාව තුළ දී සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කෙරෙන කටයුතු සම්බන්ධයෙන් නියාමනය කිරීමට මැතිවරණ කොමිසන් සභාව සහ ෆේස්බුක් ආයතනය විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.
එහි දී වෛරී ප්‍රකාශන, අසත්‍ය තොරතුරු, ව්‍යාජ ගිණුම් සහ ප්‍රචාරණ දැන්වීම් නියාමනය කෙරෙන අතර ෆේස්බුක්, ගූගල්, යූ ටියුබ්, ට්විටර්, ඉන්ස්ටර්ග‍්‍රෑම් ආදී ජාල කෙරෙහි මෙහිදී අවධානය යොමුව ඇත.
ෆේස්බුක් ආයතනය නියෝජනය කරන මෙරට නියෝජිතයින් පෙන්වා දෙන්නේ පසුගිය ඉන්දීය සහ ඉන්දුනීසියානු මැතිවරණවලදී භාවිතා කළ ක්‍රියාවලිය ඉතා සාර්ථක වූ බවත් එම ක්‍රියාවලිය මෙරට මැතිවරණ කාලසීමාව තුළදී ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ෆේස්බුක් ආයතනයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ විශේෂයෙන් මැතිවරණය ඉලක්ක කර ෆේස්බුක් පිටු හරහා සිදුවෙන ප්‍රචාරණ දැන්වීම් කටයුතුවලදී අදාළ ගෙවීම් සිදු වන්නේ ශ්‍රී ලංකාවේ රුපියල්වලින්ද එසේත් නැතිනම් වෙනත් විදේශ මුදල් ඒකකයක් භාවිතා කරමින් ද යන්න කෙරෙහිද අවධානය යොමුව ඇති බවයි.
මේ අතර මෙවර මැතිවරණය ඉලක්ක කර ගනිමින් මැතිවරණ කොමිසන් සභාව නව ඒකකයක් ද ආරම්භ කර ඇත.
එය මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය නමිනුයි නම් කර ඇත්තේ.