
ඉන්දීය හිටපු විදේශ අමාත්‍යවරියක මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ ආදරයට පාත්‍ර වූ නායිකාවක වන සුශ්මා ස්වරාජ් අභාවප්‍රාප්ත විය.
මියයන විට 67 වන වියේ පසු වූ ඇයගේ හදිසි මරණය සමස්ත ඉන්දියාව දැඩි කම්පනයකට ලක් කිරීමට හේතුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ සුශ්මා ස්වරාජ්, අධික දියවැඩියා තත්ත්වයෙන් පෙලීම හමුවේ මීට වසර 03 කට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක් වූ බැවින් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයක නොපැවිතිණි.
මේ හේතුවෙන් ඇය මේ වසරේ පැවති ඉන්දීය ලෝක සභා මැතිවරණයට තරග වැදීමෙන් වැලකුණ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නව රජයෙන් ද ඉවත් විය.
ඇයගේ අභාවය පෞද්ගලික අහිමිවීමක් ලෙස පැවසු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුශ්මා ස්වරාජ්ගේ අභාවය ඉන්දීය දේශපාලනයේ කීර්තිමත් පරිච්ජේදයක අවසානය සනිටුහන් කළ බව සඳහන් කළේ ය.
සුශ්මා ස්වරාජ් සැලකෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ඉන්දීය විදේශ අමාත්‍යංශයට ලඟාවීමට ජනතාවට අවස්ථාව සැලසු ජනප්‍රිය දේශපාලඥයකු ලෙසයි.
1953 වසරේ හර්යානා ප්‍රාන්තයේ අම්බාලා කාන්ට්හිදී උපත ලැබූ සුශ්මා ස්වරාජ්, පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් නීතිය උපාධිය හිමිකර ගත්තේ ය.
ඇය දේශපාලනයට පිවිසෙන්නේ, 1977 වසරේදී හර්යානා ප්‍රාන්ත මන්ත්‍රීවරියක ලෙසයි.
දිල්ලියේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් ප්‍රථම කාන්තාව වන්නේ ද සුශ්මා ස්වරාජ් ය.
ඇය මාධ්‍යවේදීන් සමග අදහස් හුවමාරු කරගැනීමේ දක්ෂතාවය පළ කළ සාර්ථක සන්නිවේදකයකු ලෙස ද සැලකේ.
සුශ්මා ස්වරාජ්ගේ දේහය පිළිබඳ ආදාහනය අද පස්වරු 03.00 සිදු කිරීමට නියමිතයි.