ආශු මාරසිංහ තවත් හෙලිදරව්වකට සැරසෙයි | සිළුමිණ

ආශු මාරසිංහ තවත් හෙලිදරව්වකට සැරසෙයි

ශරීයා විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවාදයට තුඩුදෙන හෙළි නොවූ තවත් රහස් රැසක් ලබන සතියේ හෙළි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි. ලබන අඟහරුවාදා මේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙයි. එදින තවත් චෝදනා රැසක් හෙළිදරවු කිරීමට නියමිත අතර, දැනට අනාවරණය වී ඇති චෝදනාද විවාදයට ගැනීමට නියමිතය.

ආශු මාරසිංහ මහතා සිළුමිණට පැවැසුවේ තම කාරක සභාව විසින් ඉදිරිපත් කළ සියලු චෝදනා හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා දැඩිව ප්‍රතික්ෂේප කළද ඒ චෝදනා සියල්ල සත්‍ය බවයි.

Comments