
“සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්දමාලාව” ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය විසින් සම්පාදනය කරන්නේ ජනමාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයේ යෙදෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා විද්‍යාර්ථීන් මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ භාෂාත්මක දැනුම වර්ධනය කිරීමේ අරමුණෙනි. ඒ අනුව සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, සම්මානිත මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ, මහාචාර්ය සඳගෝමි කෝපරහේවා සහ ආචාර්ය අසන්තා යූ අත්තනායක යන සංස්කාරක මණ්ඩලය යටතේ සම්පාදනය වූ “සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂික ශබ්දමාලාව” පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත පිරිනැමුණු අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා සහ පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට මහතා ඡායාරූපයේ වෙති.