
අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා, පසුගියදා ජනාධිපති නීතිඥයකු ලෙස චාරිත්‍රානුකූලව දිවුරුම් දීම සිදු කෙළේය. සුමති ධර්මවර්ධන මහතා නීතිය පිළිබඳ පශ්චාත් උපාධිය සිංගප්පූරුවේ ජාතික සරසවියෙන් ලබාගත් අතර, එහිදී ඔහු විදුලි සංදේශ නීතිය, බේරුම්කරණ නීතිය, පරිගණක අපරාධ නීතිය, වාණිජ නීතිය පිළිබඳ හදාරා නීති උපදේශකයෙකු ලෙස එකී නීති කටයුතුවලදී උපදෙස් ලබා දී ඇත.
ඔහු මලයාසියාවේ ක්වාලාලම්පුර් නුවර බේරුම්කරණ මධ්‍යස්ථානයේ තීරක ධුරයට පත් කරන ලද අතර, එම ආයතනයේම ක්‍රීඩා නීතිය පිළිබඳ හැදෑරිමෙන් පසුව එම ආයතනයේ ක්‍රීඩා බේරුම්කරුවෙකු ලෙසද පත් කරන ලදී. චීනයේ ෂැං චැන් නුවර අන්තර්ජාතික බේරුම්කරණ අධිකරණයේ තීරක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකා චීන බෞද්ධ මිත්‍රත්ව සංගමයේ ආරම්භක සභාපතිවරයාය.