මේජර් ජනරාල් මහින්ද මුදලිගේ බටහිර ආරක්ෂක සේනාධිපති ධුරයට | සිළුමිණ

මේජර් ජනරාල් මහින්ද මුදලිගේ බටහිර ආරක්ෂක සේනාධිපති ධුරයට

බටහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතා පත් කර ඇත. අම්පාර මල්වත්ත 24 සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු මහනුවර, දිගන ඇතුළු ප්‍රදේශවල කලබල ඇති වූ සමයේ නැඟෙනහිරින් මුස්ලිම් ජනතාව විසින් හර්තාල් ව්‍යාපාර ආරම්භ කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී සියලු පාර්ශ්වයන් එකතු කර ඒවාය මැඬ පැවැත්වීමටත් අවශ්‍ය වුවහොත් හමුදාවට කටයුතු කිරීමට සිදුවන බව පවසා නැඟෙනහිර ආරක්ෂාව තහවුරු කළ අතර පසුගියදා සයින්දුමරින්දුහිදී සහරාන්ගේ නිවසේ බෝම්බ පුපුරවා ගත් අවස්ථාවේදී සේනා මෙහෙයවමින් සයින්දුමරුන්දු ප්‍රදේශය වටලා කිසිවකුට අනතුරක් සිදු නොවන ලෙස එම කටයුතු සිදු කිරීමට උපදෙස් ලබා දුන්නේද මේජර් ජනරාල් මහින්ද මුදලිගේ මහතාය. ඔහු රිවිරැස, ඉදිරිපිම්ම, ඇතුළු උතුරේ සිදු කළ සියලු මෙහෙයුම් සඳහා සහභාගි වී ඇති අතර මානුෂීය මෙහෙයුම සඳහා ද සහභාගි විය. මහින්ද මුදලිගේ මහතා ගාල්ල මහින්ද විදුහලේ ආදි සිසුවෙකි.

Comments