
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නව දේශපාලන පක්ෂ තුනක් ආරම්භ කිරීමට ප්‍රබල දේශපාලනඥයන් පිරිසක් කටයුතු කරමින් සිටින බවට දේශපාලන ආරංචිමාර්ගවලින් හෙළි වේ. මේ පක්ෂ පිහිටුවීම සඳහා මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ සිවු නමක් එක්ව ඇති බවද කියවේ. නුවර ප්‍රදේශයෙන් බිහි වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ප්‍රධානත්වයෙන් පක්ෂයක් ආරම්භ කිරීම සඳහා සාකච්ඡා වට කිහිපයක්ම නුවරදී සහ කොළඹදී පවත්වා ඇත.
දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි භික්ෂූන් වහන්සේගේ සහාය ඇතිව කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පක්ෂයක් බිහි කිරීමට සාකච්ඡා ආරම්භ කර ඇති අතර මේ සඳහා අවස්ථා කිහිපයකදීම විදේශ රටවල් කිහිපයකදීම සාකච්ඡා කර ඇතැයි පැවැසේ.
දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක මෙහෙයවීමෙන් භික්ෂූන් වහන්සේ දෙනමකගේ උපදෙස් පරිදි දේශපාලන පක්ෂයක් බිහි කිරීමටද සාකච්ඡා ආරම්භ කර තිබේ.