
අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ඊට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ හමුවක් පැවැත් වූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙන්ම අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් එක්ව ඇති බව සඳහන් වෙයි.
මීට පෙර ජනාධිපති සිරිසේන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙත අද (03) දවල් 12.00 ට පෙර තම ධූර වලින් ඉල්ලා අස්වන ලෙස දන්වා ඇතත් ඔවුන් සිය ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කර තිබූ අතර ලැබී ඇති වැඩිදුර තොරතුරු අනුව රතන හිමියන් විසින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය හමුවේ ජනාධිපති සිරිසේන පත්ව ඇති දුෂ්කරතාව සැළකිල්ලට ගෙන තාවකාලික පදනමින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිගේ නියෝජිතයන් කිහිපදෙනෙකු ඊයේ (02) දවස පුරා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා වෙත සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි වෙතින් ඉල්ලීම් සිදුකර ඇත.
නමුත් ඔවුන් ඒ සෑම අවස්ථාවකම සඳහන් කර ඇත්තේ ජනාධිපති පත්ව ඇති දුෂ්කරතාව ගැන හැඟීමක් ඇති නමුත් ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් එල්ලවී ඇති අභූත චෝදනා වක්‍රව තමන් විසින්ම පිළිගැනීමක් සිදුවන බැවින් තාවකාලික පදනමින් හෝ ඉල්ලා අස්විය නොහැකි බවය.