
වසර දෙකකින් විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම පහළ දැමිය හැකි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පවසයි.
විදුලි ඒකකයක් නිපදවීමට දළ වශයෙන් රු. 23.35ක් පමණ වැය වන බවත්, විකුණුම් මිල රු. 16.68ක් වන බවත්, මාස දෙක-තුනකින් ජනන වැඩසටහන ආරම්භ වූ පසු වසර දෙක ඇතුළත විදුලි ඒකකයක් නිපදවීමට යන මිල රු. 15-16 දක්වා අඩු කළ හැකි බවත්, මෙනිසා ඉදිරියේදී විදුලිය සඳහා අමතර බරක් ජනතාවට දැරීමට සිදු නොවන බවත් ඇමැතිවරයා පැවසීය.