බෝම්බ ප්‍රහාරවලින් පීඩාවට පත් ශිෂ්‍යයන්ට පොත් ප්‍රකාශකයන්ගෙන් පරිත්‍යාග | සිළුමිණ

බෝම්බ ප්‍රහාරවලින් පීඩාවට පත් ශිෂ්‍යයන්ට පොත් ප්‍රකාශකයන්ගෙන් පරිත්‍යාග

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ නියෝජිත පිරිසක් කොළඔ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණගැසුණු අතර බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත් වූ දරුදැරියන් වෙනුවෙන් රු. 450, 000/- ක මුදලක් උන්වහන්සේ වෙත පරිත්‍යාග කරන ලදී. මීට අමතරව විශ්විද්‍යාල අධ්‍යාපනය සම්පූර්ණ කරන තුරු සිසුන් 6 දෙනෙකූට ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බව ද සංගමය දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති විජිත යාපා මහතා ප්‍රකාශ කළේ, “සැමගේ සිත්සතන් සුව කිරීම, සන්සුන් කිරීම සහ සාමය උදා කිරීම සඳහා ඔබවහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ග, පුරවැසියන් වශයෙන් අපට ගැඹුරින් පහදා දී ඇත්තේ විනාශය හා ව්‍යසනය මධ්‍යයේ නිරවුල් මනසක් තබා ගන්නා ආකාරය පිළිබඳයි. අන් අය වරදට හසු කර ගැනීම වෙනුවට විසැදුම් සොයාගත හැකි ආකාරය එයින් පෙන්වා දී ඇත.” අරමුදල් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් සිය ප්‍රණාමය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වෙත පුද කළ කාදිනල්තුමා බෝම්බ පිපිරීමෙන් පීඩාවට පත්වූ දරුවන් 170ක් පමණ සිටින බව පැවසූහ. අතුල ජයකොඩි (භාණ්ඩාගාරික), හපුතන්ත්‍රි ප්‍රේමසිරි (හිටපු සභාපති), විජිත යාපා (සභාපති), සමන්ත ඉන්දීවර (ලේකම්) උපාලි වනිගසූරිය (හිටපු ලේකම්) මහත්වරුන් මුදල් පරිත්‍යාග කළ අවස්ථාවට එක් වෙමින්

Comments