පොලිස් නිලධාරීන් 30500 කට උසස් වීම් | සිළුමිණ

පොලිස් නිලධාරීන් 30500 කට උසස් වීම්

පොලිස් නිලධාරීන් 30500 කට උසස් වීම් ලබාදීමට වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් කළ ඉල්ලීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම උසස්වීම් ලේඛනය මහා භාණ්ඩාගාරයේ කළමනාකරන දෙපාර්තමේන්තුවට ඔවුන්ගේ නිර්දේශ සදහා ජාතික පොලිස් කොමිසම විසින් යොමුකර ඇත.

පොලිස් කොස්තාපල්වරුන්ගේ සිට පොලිස් පරීක්ෂකවරුන් දක්වා විවිධ තරාතිරම්වල නිලධාරීන් 30500 දෙනෙක් ඒ අනුව ඉදිරි සතිය තුළ උසස් වීම් ලැබීමට නියමිතය. වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන අංශ ප්‍රධානියාව සිටියදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඉදිරිපත්කල මෙම උසස්වීම් ලේඛනය මාස ගණනාවක්ම තිබී ඇත්තේ පොලිස් මූලස්ථානයේය.

 

Comments