
ජනමාධ්‍යවේදීන්ගේ සුබසාධනය අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ප්‍රථම වරට ක්‍රියාත්මක කරනු ලැබූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට මූල්‍ය අනුග්‍රහයක් ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් දෙදෙනෙකු කේන්ද්‍ර කරගනිමින් පසුගියදා පැවැත්විණි.
ඒ, ටයිම්ස් ඔෆ් සිලොන් පුවත්පතේ මෙන්ම ලංකාදීප පුවත්පතේ ආරම්භක සාමාජිකයන් සත් දෙනාගෙන් එක් අයෙකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. එල්. කේ. පෙරේරා මහතා සහ ලේක්හවුස් ආයතනය, දිවයින පුවත්පත හා ලක්මිණ පුවත්පත සමඟ කටයුතු කරමින් ගවේෂණාත්මක මාධ්‍යකරණයක යෙදුණු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක මහතායි. එම මූල්‍ය පරිත්‍යාගයන් එම මාධ්‍යවේදීන්ගේ නිවසට පැමිණ ලබාදීමට ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය කටයුතු කළේය.
එම අවස්ථාවට ජනමාධ්‍ය ඇමති රුවන් විජයවර්ධන, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත, පුවත්පත් කොමසාරිස් නිරෝෂණ තඹවිට සහ සහකාර පුවත්පත් කොමසාරිස් අයේශ් විජයසිංහ යන මහත්වරු සහභාගි වූහ.