
ජාතික සංහිඳියාවට හේතු වන හා අන්තවාදය දුර ලන සිද්ධාන්ත අඩංගු යෝජනා මාලාවක් අනිද්දා (4) ජනතාව හමුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ යෝජනා මාලාවට ජාතීන් අතර සමඟිය රැකගැනීමට මෙන්ම අන්තවාදය දුරලීමට අවශ්‍ය සියලු සාධක අඩංගු කර ඇති බවත්, යුද්ධය අවසන් වූ 2009/2010 වසරවල මෙවන් යෝජනා මාලාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළද එය කුණු කූඩයට ගිය බවත් මන්ත්‍රීවරයා කීවේය.