චිත්‍රා වාකිස්ට අද අවසන් ගමනේ | සිළුමිණ

චිත්‍රා වාකිස්ට අද අවසන් ගමනේ

ගුවන් විදුලි, වේදිකා, සිනමා සහ ටෙලි නාට්‍ය නිර්මාණ ඔස්සේ දශක හතකට වැඩි කාලයක් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කළ ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිස්ට පසුගිය (31) දා අභාවප්‍රාප්ත වූවා ය.

මිය යනවිට අසූ තුන්වැනි වියෙහි පසු වූ චිත්‍රා පුතුන් හතරකගේ සහ දියණියකගේ මව වේ. සිරිසේන විමලවීරගේ පොඩි පුතා චිත්‍රපටයෙන් කලාවට පිවිසි ඇය එදා මෙදා තුර සිනමා, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය විශාල ප්‍රමාණයකට රංගන දායකත්වය ලබාදී ඇත. ඇගේ දේහය මේ වනවිට බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (02) දා බොරැල්ල කනත්තේදී සිදු කෙ‍රේ. අවසන් වරට චිත්‍රා වාකිස්ට සමඟ කළ විශේෂ සාකච්ඡාවක් අද රසඳුන පුවත්පතේ පළ වේ.

Comments