
ප්‍රථම වරට පැවති SLIM Digis 2019 සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සෙලාන් බැංකුව පසුගියදා සමත් විය. වෝටර්ස් එජ් හිදී පැවති මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූ එකම බැංකුව සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) මගින් සංවිධානය කරන ලද මෙම සම්මාන උලෙළේ ඉලක්කය වූයේ ඩිජිටල් අලෙවිකරණ කටයුතු, නවෝත්පාදන හා කුසලතා ඇගයීම සහ ගෝලීය ඩිජිටල් කර්මාන්තය සඳහා වන කලාපීය දායකත්වය ඇගයීමට ලක්කිරීමය.
සෙලාන් බැංකුව සිය 'Travel The Island' ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් නිර්මාණය කරන ලද ‘How to balance your Baba’ යන තේමාවෙන් යුත් ප්‍රවර්ධන වැඩසටහන සඳහා බැංකු, මූල්‍ය හා රක්ෂණ කාණ්ඩය සහ, ‘සන්නාම අන්තර්ගතයන් විශිෂ්ට ලෙස භාවිතා කිරීම’ යන කාණ්ඩ යටතේ රන් සම්මාන දෙකක් හිමි විය. මෙම වැඩසටහන සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් ක්‍රියාවට නැංවීමට සෙලාන් බැංකුව සුවිශේෂී තීරණයක් ගෙන තිබු අතර, සාම්ප්‍රදායික සීමාමායිම් ඉක්මවා යමින් ජනතාව වෙත සමීප වීම සඳහා දරන ලද පුරෝගාමී උත්සාහයක් ලෙස මෙම ප්‍රවර්ධන වැඩසටහන දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට සමත් විය. ඒ අනුව එය මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයට ලබාදුන් පුරෝගාමී ආදර්ශයක් ලෙසද පෙන්වා දිය හැකි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අලෙවි හා විකුණුම් ප්‍රධානී ගාමික ද සිල්වා මහතා මෙසේ පැවසී ය. “ප්‍රථම වරට පැවති SLIM Digis සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූ එකම බැංකුව බවට පත්වීමට හැකිවීම අප ලද විශාල ගෞරවයක්. මෙම සම්මාන, සෙලාන් බැංකුව අලෙවිකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන සුවිශේෂී ක්‍රමවේදයන්ගේ සාර්ථකත්වයට මනා සාක්ෂියක් වනවා. භාවිතා කරන මාධ්‍යය කුමක් වුවත් උපරිම ප්‍රතිඵල ලැබෙන ආකාරයට එය භාවිතා කිරීම අපගේ මූලික අරමුණයි.