
මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ මවුපියන් තුළ ඇති විශ්වාසය හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා වන විට සිසුන්ගේ පැමිණීමේ ශීඝ්‍ර වර්ධනයක් දක්නට ලැබිණැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසයි.
ඉකුත් බදාදා (15) වන විට බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාපවල පාසල් සිසුන්ගේ පැමිණීම 93,851ක් දක්වා වැඩිව තිබූ අතර, බ්‍රහස්පතින්දා වන විට එය 1,74,943ක් දක්වා වර්ධනය වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. ආරක්ෂක අංශ, පාසල් කමිටු මෙන්ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් විසින් පාසල් අධීක්ෂණ කටයුතු අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන අතර සිසුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමටද කටයුතු කර තිබේ.