දකුණු පළාත් ආණ්ඩුකාරවරයා බද්දේගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක | සිළුමිණ

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා බද්දේගම රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා බද්දේගම දිස්ත්‍රික් රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.පසුගිය කාලයේ වසා දැමීමට ආසන්නව තිබූ මෙම රෝහල දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා යටතේ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලින් පසුව නවීන උපකරණ වලින් සමන්විතව රෝගී සත්කාර සේවාව ඉහලම මට්ටමින් පවත්වාගෙන යන රෝහලක් බවට පත්වී තිබීම සතුටට කරුණක් බව එහිදී ආණ්ඩුකාරවරයා පවසා සිටියේ ය. රෝහලෙන් දිනකට රෝගීන් 450 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගන්නා බවත් මෙහිදී ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක්විය.ඉඩකඩ මදකම හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීමට නව ගොඩනැගිලි පද්ධතියක අවශ්‍යතාව සම්බන්දව මෙහිදි ආණ්ඩුකාරවරයාගේ අවධානය යොමුවුනු අතර ප්‍රදේශයේ ජනතාවට උපරිම සේවයක් ඉටුකිරීමට කැපවී සේවය කරන රෝහලේ කාර්යමණ්ඩලය සමග සුහද කථාබහකද නිරත විය.මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

Comments