කනත්තක තිබී සොයා ගත් උණ්ඩ තොගය | සිළුමිණ

කනත්තක තිබී සොයා ගත් උණ්ඩ තොගය

බුලත්කොහුපිටිය සමූහ ඩබ්ලිව් රෝහණ

පිංදෙනිය පොලිස් වසමට අයත් නාබේරියාව ග්‍රාම සේවා වසමේ පරණ අරන්දර වත්තයට ගමන් කරන මාර්ගයේ කනත්තක තිබී කවරයක දමා තිබූ උණ්ඩ තොගයක් පිංදෙණිය පොලිසිය විසින් ඊයේ සවස (7) සොයා ගෙන තිබෙයි.

මෙසේ සොයා ගත් උණ්ඩ අතර ටී 56 (ට්රේෂර්) උණ්ඩ 43,ටී 56 උණ්ඩ 39 ,මිලි මීටර් 9 පිස්තෝල සදහා යොදන උණ්ඩ 36 ,එම් 16 ගිණි අවිවලට යොදන උණ්ඩ 4 හා එල් එම් ජී උණ්ඩ 2 ක් හමු වී තිබෙයි.

ප්‍රදේශයේ අයෙකු විසින් වසමේ ග්‍රාම නිළධාරීවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහු විසින් පිංදෙනිය පොලීසිය වෙත දැනුම් දී තිබෙයි.

උණ්ඩ පෙලීසිය භාරයේ පසුවන අතර වැඩිදුර පරික්ෂණ පිංදෙණිය පොලීසිය පවත්වයි.

Comments