
නිමල් රාජපක්ෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බැවින් ඩෙංගු කීටයන් බෝකරන නිවැසියන් හට දැඩි දඩුවම් පමුණුවන බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.බී .ගුණතිලක මහතා පවසයි.
ඒ අනුව කිසියම් නිවසක ඩෙංගු කීටයන් සිටින ආකාරයට බෝතල් ,ප්ලාස්ටික් කැබලි ,ටයර්,ටින් කැබලි යනාදිය තිබුණ හොත් කිසිදු සමාවක් නොදී අධිකරණයට ඉදිරිපත්කොට රුපියල් 50 000/ උපරිමයක දඩමුදලක් හෝ වසර දෙකක සිරදඩුවමක් ලබාදීමට තීරණය කර තිබේ. ඩෙංගු රෝගය පිළිබදව ජනතාව වසර ගණනාවක් තිස්සේ දැණුවක් කර ඇති බැවින් හෙට සිට ගෙන්ගෙට ගොස් නිවාස පරික්ෂා සිදු කෙරේ.
නිවාස පරීක්ෂාව සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ,පොලීසිය හා යුධ හමුදාව එක්ව කටයුතු කරන අතර ඩෙංගු කීටයන් සිටින නිවැසියන්,කර්මාන්ත ශාලා හිමියන් ,ගොඩනැගිලි ඉදිකරන්නන් හට හෝ කිසියම් පුද්ගලයකුගේ තරාතිරම නොබලා තදින් නීතිය ක්‍රියාත්මක කරන බව ද එච්.බී.ගුණතිලක මහතා පැවසුවේය.