
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සෑම පුද්ගලයකුම අත්අඩංගුවට ගන්නා තෙක් ආරක්ෂක මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත් එයින් පසුව රට සුපුරුදු තත්ත්වයට පත් වනු ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය සිකුරාදා ශ්‍රි ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ඇතුළු සංචාරක ක්ෂේත්‍රය නියෝජනය කරන පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. මෙම ව්‍යාපාර නායකයන් අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමවේ බලපා ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර එහිදී තමන්ට බලපාන ගැටලු පිලිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළ අතර ඊට අදාළ යෝජනාද අගමැතිවරයා වෙත ඉදිරිපත් කළේය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වනවිට තමන් සාර්ථක පියවර ගණනාවක්ම ලෙන ඇති බවයි. එමෙන්ම මහජන ආරක්ෂාව සහතික කිරීම සදහා අවශය සියලුම පියවර ගන්නා බවට අගමැතිවරයා ඔවුන්ට ප්‍රකාශ කර තිබේ. එසේම ආර්ථික ක්‍රියාකාරකම් මනාව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වාතාවරණය හැකි ඉක්මනින් ඇති කරන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර ඇත.