
පාස්කු ඉරු දින ප්‍රහාර මාලාවත් සමග දිවයිනේ සියලුම පාසල්වල ආරක්ෂාව තහවුරු කරන තෙක් නිවාඩු කාලය දීර්ඝ කිරීමට කටයුතු සිදු කෙරිණි.ඒ අනුව ලබන සඳුදා (06) පාසල් විවෘත කිරීමෙන් පසු ළමුන් ප්‍රවාහනය කරන වාහන සම්බන්දයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සකස් කොට ඇත.ඒ අනුව පාසල වෙතට ළමුන් ඇරලවීමට පැමිණෙන වාහන පාසල අවට නවතා තැබිය හැක්කේ උපරිම විනාඩි 03ක් පමණයි.එමෙන්ම පාසල් අවසානයේ ළමුන් රැගෙන යාමට එන වාහන සඳහා ද පාසල අසල නවත්වා තැබීමට ලැබෙන කාලය උපරිම විනාඩි 03කි.වාහන නතර කිරීම සඳහා කළමනාකාරීත්වය විසින් ස්ථානයක් ලබා දෙනු ඇති.අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ දිගින් දිගට නිවාඩුව දීර්ඝ කිරීම ළමුන්ගේ අධ්‍යන කටයුතු අඩාල වීමටත් අදාළ විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකි වීමත් නිසා ජාතික විභාග නියමිත කාලයේ පැවැත්වීමට බාධා ඇති විය හැකි බවයි.ඒ අනුව සියලුම රජයේ පාසල් ලබන සඳුදා දිනයේ ආරම්භ කිරීමට තීරණය කෙරිණ. කෙසේ නමුත් සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන සතියේද වසා තබන මෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කළේය.