
වීරකැටිය සමූහ ඒ.ටී. කහඳුගොඩ
වීරවිල වැවේ කණ්ඩිය මතදී 02දා රාත්‍රී ත්‍රිරෝද රථ රියදුරෙකු කපා කොටා මරා දමා ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
එසේ මරා දමා ඇත්තේ වීරවිල රණසිරිපුර පදිංචි රුවන් වනිගසේකර (39) නැමති අයෙකි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත. වීරවිල පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.