ප්‍රසාද් පුර්ණමාල් පුත්තලම දිසා සමුහ බැංකු කාර්ඩ් පත් වල අඩංගු රහස් දත්ත ලබා ගැනීමේ පරිඝනක උපකරණ දෙකක් සමග පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හලාවත පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරීන් සමත් වී තිබේ . හලාවත ප්‍රධාන පෙලේ රාජ්‍ය බැංකුවක ගිණුමක් භාවිතා කරමින් ආයථා ලෙස භාණ්ඩ ලබාගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකරන ලද විශේෂ පරීක්ෂණයකින් පසු මැයි 01 පස්වරුවේ මේ අත්අඩංගුවට ගැනීම සිදු කරඇත . හලාවත වට්ටක්කල්ලිය ග්‍රාමයේ පදිංචි මොහොමඩ් සෆ්රාස් නමැති අයගේ පෞද්ගලික ගිණුම භාවිතා කර භාණ්ඩ ලබා ගෙන තිබිණි. දින තුනක් අදාළ පුද්ගලයා මේ ජවාරම සිදුකර ඇති අතර එහිදී රුපියල් දෙලක්ෂ පහළොස් දාහසක මුදලක භාණ්ඩ ලබා ගෙන තිබිණි
ජාවාරම්කරු මේ සදහා ව්‍යාජ කාඩ් පතක් භාවිතා කර ඇති අතර අයිතිකරු සතුව ඒ වනවිටත් බැංකුවෙන් ලබා දෙන ලද මුල් බැංකු කාර්ඩ් පත තිබීණි මේ ජාවාරම්කරු ඒ.ටි.එම් යන්ත්‍ර භාවිතා කරමින් මුදල් ලබා ගැනීමට නොගොස් පෞද්ගලික ආයතන වෙත ගොස් භාණ්ඩ ලබා ගෙන තිබීම විශේෂ වේ.මෙයට හේතුව මේ වන විට අනාවරණය වී ඇති අතර මේ උපකරණ මගින් බැංකු කාර්ඩ් පත් වල සදහන් දත්ත ලබා ගත්තත් රහස් අංකය ලබා ගැනීමට හැකියාවක් තිබී නොමැත . මෙවැනි පැමිණිලි තුනක් මේ වන විට ලැබී ඇති බව හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතා පැවසිය .පොලිසයට ලැබී ඇත්තේ පැමිණිලි තුනක් වුවත් වසර දහයක් පුරා මේ ජාවාරම් කරු බැංකු කාර්ඩ් රැසකින් භාණ්ඩ ලබා ගෙන ඇති බවට වාර්තා වේ. මෙලෙස ලබා ගන්නා භාණ්ඩ මොහු අඩු මිලට තමනට හිතවත් වෙළද සැල් වලට විකුණා ඇත. ප්‍රධාන සැකකරු හලාවත නගරයේ පදිංචි කරුවෙකු වන අතර මොහු වසර දහයකට ආසන්න කාලයක් මේ ජාවාරම සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.මොහු මේ සදහා ඉන්ධන පිරවුම් හලක සේවකයෙකුගේ සහය ලබා ගෙන තිබේ.එහිදී ඔහු කර ඇත්තේ තමන් සතු කුඩා උපකරණය ඉන්ධන පිරවුම් හලේ සේවකයාට ලබා දී ඉන්ධන ලබා ගෙන බැංකු කාර්ඩ් මගින් මුදල් ගෙවන පුද්ගලයන්ගේ කාර්ඩ් පත් මේ උපකරණය හරහාද යැවීමයි. මේ සදහා ප්‍රධාන ජාවාරම් කරු ඉන්ධන පිරවුම් හලේ සේවකයාට එක් කාර්ඩ් පත්‍රයක් සදහා රුපියල් දෙදහසක මුදලක් ලබා දී තිබේ . හලාවත පුත්තලම මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම් හලක දී මේ සිදුවීම වී තිබේ. අදාළ ආයතනවල සි.සි.ටි.වී කැමරා දත්ත ඔත්සේ හලාවත පොලිසියේ අපරාධ විමර්ශ මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කල අතර ඒ අනුව කරන ලද ප්‍රශ්න කිරීමකදී මේ සැකකරුවන් පිළිබද අනාවරණය වී තිබේ.
බැංකු කාර්ඩ් උපයෝගී කරගනිමින් ලබා ගන්නා ලද භාණ්ඩ කීපයක්ද මේ වන විට සොයා ගෙන ඇත. මේ උපකරණ ප්‍රධාන සැකකරු විසින් ගෙන්වා ගෙන ඇත්තේ චීනයෙනි. මොහුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ රහස් අංකය ලබා ගත හැකි උපකරණ මෙරට තුල ඇති බවයි.මේ හේතුවෙන් තම බැංකු කාර්ඩ් පිලිබදව ඉතා අවධානයෙන් සිටින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. හලාවත මුලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත හේරත් මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගාමිණී වික්‍රමසිංහ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.