
මිහිර විජේසේකර- මාරවිල සමූහ
යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව මුන්දලම සහ මදුරන්කුලිය නගරයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදි ස්ටිකර් සැකසිමේ ස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන ගිය ව්‍යාජ අංක තහඩු සකසන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අංක තහඩු අතර තිබී ව්‍යාජ නැගෙනහිර සහ බස්නාහිර පළාත් වල අංක තහඩු ද සොයාගන තිබේ.
මෙම අංක තහඩු මොටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ අංක තහඩු වලට සමාන ආකාරයෙන් සකසා තිබු බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුන් දෙදෙනා පොලිස් භාරයට ගෙන පරීක්ෂණ කිරීමේන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම 143 බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මක දිසානායක මහතාගේ උපදෙස් මත යුධ හමුදා කණ්ඩායම් කිහිපයක් සෝදිසි මෙහෙයුම් වලට එක්ව තිබු අතර මුන්දලම පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් එකනායක මහතා ඇතුළු පොලිස් නිළධාරින්ද එක්ව සිටියහ.